AFC Banner
Empty Ad
Empty Ad

පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගුවන් තොටුපොළට පැමිණි වෑන් රථය

පොටෑසියම් පර්ක්ලෝරයිඩ් නැමැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 25 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ඇතුළුවීමට තැත් කළ ගුවන් තොටුපළ කුළී රථ රියැදුරකු සහ එම වෑන් රථය අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය කියයි.

මීගමුව , උතුරු කදිරාන , වෑබිම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම රියැදුරුවරයා සහ වෑන් රථය ද , පුපුරන ද්‍රව්‍ය තොගය ද කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ .

ගුවන් තොටුපළ පොලීසිය මේ වනවිට මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

මෙම වෑන් රථයේ හිමිකරු කිඹුලපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයෙකු බවත් , ඔහු බලපත්‍ර මත රතිඤ්ඤා නිෂ්පාදනය සදහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය වර්ග තුනක් , මෙම වෑන් රථය මගින් රතිඤ්ඤා රැගෙන ආ බවත‍ෙ එම රියදුරා පවසා ඇත.

ගුවන් තොටපොළ කුළී රථයට හිමි ගමන් වාරය ආසන්න වීම නිසා , තමන් කඩිනමින් මෙම වෑන් රථය , ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට කටයුතු කළ බවත් එහිදී අතපසුවීමකින් මෙම පොටෑසියම් පර් ක්ලෝරයිඩ් තොගය , මෙම වෑන් රථයෙන් බා ගැනීමට අමතක වී ඇති බවත්, එම රියැදුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ටි.කේ.ජි. කපිල – කටුනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?