පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගුවන් තොටුපොළට පැමිණි වෑන් රථය

පොටෑසියම් පර්ක්ලෝරයිඩ් නැමැති පුපුරන ද්‍රව්‍ය කිලෝ 25 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ඇතුළුවීමට තැත් කළ ගුවන් තොටුපළ කුළී රථ රියැදුරකු සහ එම වෑන් රථය අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය කියයි.

මීගමුව , උතුරු කදිරාන , වෑබිම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම රියැදුරුවරයා සහ වෑන් රථය ද , පුපුරන ද්‍රව්‍ය තොගය ද කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ .

ගුවන් තොටුපළ පොලීසිය මේ වනවිට මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

මෙම වෑන් රථයේ හිමිකරු කිඹුලපිටිය ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයෙකු බවත් , ඔහු බලපත්‍ර මත රතිඤ්ඤා නිෂ්පාදනය සදහා යොදා ගන්නා පුපුරන ද්‍රව්‍ය වර්ග තුනක් , මෙම වෑන් රථය මගින් රතිඤ්ඤා රැගෙන ආ බවත‍ෙ එම රියදුරා පවසා ඇත.

ගුවන් තොටපොළ කුළී රථයට හිමි ගමන් වාරය ආසන්න වීම නිසා , තමන් කඩිනමින් මෙම වෑන් රථය , ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට කටයුතු කළ බවත් එහිදී අතපසුවීමකින් මෙම පොටෑසියම් පර් ක්ලෝරයිඩ් තොගය , මෙම වෑන් රථයෙන් බා ගැනීමට අමතක වී ඇති බවත්, එම රියැදුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ටි.කේ.ජි. කපිල – කටුනායක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
08:41:47
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ වීඩියෝව මෙන්න
01:28
Video thumbnail
දැක්කනේ තිස්සකුට්ටි වැඳලා සමාව ගත්තේ - දැන් පොහොට්ටුවේ කට්ටිය බයවෙලා
10:19
Video thumbnail
ඉස්සරහට විපක්ෂයේ ඡන්ද ලකුණ බන්ධනාගාරය නැත්තම් මාංචු කූට්ටම
12:52
Video thumbnail
ජේලර් චන්ද්‍රවංශගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් සංවේදී වෙයි
01:58
Video thumbnail
පරිභෝජනයට නුසුදුසු පරිප්පු 1740kgක් වෙළෙඳසැලකින් මාට්ටු - සියල්ල විනාශ කර දැමූ අයුරු
00:55
Video thumbnail
ෂා, මරු, නියමයි, මාරයි, එල, එල කිරි, එල පවුසි, ආතල්, පට්ට ආතල්
00:56
Video thumbnail
ඕනි දේකට අඬන බබාලා ටිකක් ඉන්නවා ආණ්ඩුවේ - රූපණය තියෙනවා හැබැයි වැඩ නම් නෑ
07:55
Video thumbnail
චරිත්ගේ දුරකථන සංවාදය AI එකක් ? වටගල - ප්‍රසාද් සර්ට කට උත්තර නැති කරයි
06:25
Video thumbnail
ප්‍රසාද්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - හර්ෂණ තමයි මිනීම#වා
06:40