නැවතත් විදුලි සැපයුම නැතිවෙන තැන් මෙන්න

විදුලිය සැපයුම බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයාබැලීමට පොලිසියෙන් පරිෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි. මේවන විට තාක්ෂණික දෝෂය නිවැරදි කර පද්ධතිය යථා තත්තවයට පත් කර ඇති මුත් ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම වරින්වර සීමා කරන බව විදුලි බල අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, තාක්ෂණික දෝෂය නිවැරදි කර පද්ධතිය යථා තත්තවයට පත් කළත්, නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900ක විදුලි ධාරිතාව නොමැති වීම නිසා එම පියවර ගන්න බවයි.

නොරොච්චෝලේ බලාගාරය නැවත ජාතික විදුලිබල පද්දතියට එක්කිරීමට දිනකිහිපයක් ගටහ්වන බට අමාත්යංශය පවසයි.

මේ අතර විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නොයෙල් ප්‍රියන්ත බීබීසී සිංහල සේවයට පැවසුවේ ඉංජිනේරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අතර අද රටපුරා විදුලිය බිඳ වැටුණු බවත් වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට විදුලිය විසන්ධි කිරීමට වඩා වෙනත් ක්‍රම අනුගමනය කළ හැකි බවයි.

”වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා විදුලිය බිඳ වැටෙයි කියලා කිවුවනේ යූනියන් එක. බිඳ වැටුනට පස්සේ දැන් වැඩ කරන්නේ බොහොම හෙමින්. වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තට කමක් නෑ. නමුත් රටේ ජන ජීවිතය අඩාල වෙන්න දෙන එක වැරදියි. අපි විදුලි ඉංජිනේරුවෝ වුණේ නිකං නෙමෙයි. අපිට ඉගැන්නුවේ රටේ ජනතාව. අපිට වාහන පර්මිට් දීලා, ලොකු වැටුප් දීල ඉහළ තැනක තියලා තියෙනවා. කොරෝනා අස්සේ 25%කින් අපේ පඩියත් වැඩිකළා. අපේ ඉල්ලීම් දිනන්න ලයිට් කපන්න ඕනා නෑ.” යනුවෙන් ඔහු වැඩිදුරත් කියා සිටියේය.

මේ අතර අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කළ බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති පවසයි.

අද පෙරවරු 11.30ට පමණ දිවයින පුරා විදුලිය සැපයුම බිඳ වැටී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. විදුලිය බිඳ වැටීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල ජල සැපයුම ඇනහිට ඇත.

කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීමට හේතු වී ඇතැයි විදුලි බල අමාත්‍යංශය පවසයි.

විදුලි බිඳවැටීම් ගැන පොලිස් විමර්ශන
පසුගිය දින කිහිපය තුළ විටින් විට විදුලිය බිඳ වැටීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා විය. නොවැම්බර් 29 වන දා කොත්මලේ සිට බියගම ග්‍රිඩ් උප පොළට විදුලිය රැගෙන යන පද්ධතියේ බිදවැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය ඇනහිටිය අතර සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දකුණු පළාත ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසක ඔක්තෝම්බර් 05 වනදා විදුලි සැපයුම බිඳ වැටි ඇත.

මේ අතර දෙසැම්බර් 2වදා රාත්‍රියේ ගාල්ල වැලිවිට ප්‍රදේශයෙන් විදුලිය බිඳ වැටීමක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාර හා මෙහෙයුම් ක්‍රම උපාය අංශයේ ප්‍රධාන ඉංජිනේරුවරයා විසින් කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයට අද (දෙසැම්බර් 3) දින පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් එම සිදුවීම යම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදුකරන ලද දෙයක් ද යන්න තහවුරු කර ගැනීම සඳහා පොලිස් විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලීමක් කර ඇති බවට පොලිස් මුලස්ථානය පවසයි.

ඒ සම්බන්ධව විමර්ශන පැවැත්වීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති අතර එම කොට්ඨාසයේ නිලධාරීන් විසින් විදුලිබල ඉංජිනේරුවන්ගේ සහය ඇතිව එම විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවට පොලිස් මුලස්ථානය පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසන්නේ විදුලිය බිඳ වැටීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය අක්‍රියව ඇති බවයි.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආලෝක සංඥා අක්‍රීය වීමෙන් රථ වාහන තදබදයන් ඇති විය හැකි බැවින් රිය ධානයේදී විමසිලිමත් වන්නැයි , පොලීසිය සඳහන් කර සිටියි.

විදුලිය සැපයුම බිඳ වැටීම හේතුවෙන්, කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාද වී ධාවනය විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විදුලි සැපයුම බිඳවැටීම වාර්තා වුයේ, විදුලි වෘත්තීය සමිති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතරතුරේදීය.

පැය 8 සේවා කාලයෙන් බාහිරව හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වය⁣ට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව, ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පසුගිය දා නිවේදනය කළේය.

එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු සදහන් කළේ, ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මීට පෙර පවසා තිබුණේ තම සංගමයේ සාමාජිකයින් අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන අතර දෙසැම්බර් 01 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 වැනිදා දහවල් 12 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ සඳහන් ඉල්ලීම් 06 ක් මුල් කරගනිමිනි.

1.අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රෙස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම.

2.දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම.

3.විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම.

4.1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම.

5.සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම.

6.ජ්‍යෙෂ්ඨ කළමනාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම.

උපුටා ගැනීම – බීබීසී සිංහල පුවත් සේවය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04