AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථ නිෂ්පාදකයින් රථ වාහන මිල ඉහළ දැමීමට තීරණය කරයි

ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ එම්.ජී., මහේන්ද්‍රා සහ මරුටි සුසුකි වැනි සමාගම් ඒ බව තහවුරු කළ බවයි.

වාහනවල මුල් උපකරණ නිෂ්පාදකයන් විසින් එම උපාංග සෑදීමට ගන්නා අසීමිත යෙදවුම් පිරිවැය මීට හේතු වී තිබේ.

ඒ අනුව ඉතාමත් ඉක්මනින් මෝටර් රථ වල මිල ඉහළ යනු ඇති බවට ඉහත සදහන් සමාගම් විසින් සදහන් කර ඇත.

මෙම තත්ත්වයට කොවිඩ් වසංගතය සෘජුවම බලපෑමක් එල්ල කරන බව සදහන් කරයි.

මෝටර් රථය මිල ඉහළ යාම සම්බන්ධයෙන් එම්. ජී. මෝටර්ස් ඉන්දියා සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ රජීව් චබා පවස්සේ ආදාන පිරිවැය (input cost) ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි.

මෙම තත්ත්වය නිසා ඉන්දියාව තුළ 2021 වසරේදී මෝටර් රථ මිල වරින් වර ඉහළ දැමීමට ද සිදුවූ බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් මහේන්ද්‍රා සහ මහේන්ද්‍රා සමාගමේ ප්‍රධායන විධායක නිලධාරි විජේ නාකර් සදහන් කරන්නේ “අපි දන්නවා මිල ඉහළ දැමීමෙන් කොපමණ මෝටර් රථ වෙළෙද පොළට කොයිතරම් දුරට බලපෑමක් එල්ල කරනවාද කියලා”.

“මුදල් ප්‍රවාහය සහ ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය අනුව මෙය නිසැකවම අපේ ව්‍යාපාර වලට බලපෑම් කරාවි.”

මෝටර් රථ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මරූටි සුසිකි ඉන්දියා සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක අධ්‍යක්ෂ, වෙළෙද සහ ප්‍රවර්ධන ෂෂාන්ක් ශ්‍රීවාස්තව් ද අදහස් දක්වා තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ තම ආයතනය මෝටර් රථ වල මිල සම්බන්ධයෙන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

“අපි ඉහළ රේඛාව සහ පහළ රේඛාව අතර සියුම් රේඛාව ඔස්සේ ගමන් කරමින් අපි සුදුසු තීරණයක් ඉදිරියේදී ගැනීමට කටයුතු කරනවා.”

මෝටර් රථ, යතුරු පැදි ඇතුළු කුඩා ප්‍රමාණයේ ලොරි රථ වැනි ජනප්‍රිය රථ වාහන ශ්‍රී ලංකාවට ද වැඩි වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි.

ඒ අනුව ඉන්දීය සමාගම් තම රථ වාහන මිල ඉදිරියේදී ඉහළ දැමුවහොත් ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙද පොළට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි මෝටර් රථ මෙරටට ආනයනයකරනු ලබන වෙළෙද ව්‍යාපාරිකයින් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?