අද මහ වැසි

සබරගමුව – මධ්‍යම – බස්නාහිර – වයඹ හා ඌව පළාත්වලත් මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්වල අද සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදදි මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

නැගෙනහිර පළාතේ වෙරලබඩ ප්‍රදේශවල හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදාසන කාලයේදි වැසි ඇතිවිය හැකියි.

එම නිසා අද දින විවිධ ගමන් බිමන් යොදාගෙන සිටින සියලු දෙනාට අවධානයෙන් පසුවන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව දැනුම් දෙනවා.