මෙරට පුද්ගලයන් ලක්ෂ පහකට රැකියා අහිමි වීමේ අවදානමක්

පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා නිෂ්පාදනය ඇනහිටීමෙන්  ක්ෂේත්‍රයේ ලක්ෂ  පහක පමණ පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

රටේ පාවහන් නිෂ්පාදනනයෙන් සියයට 95ක් පමණ අමුද්‍රව්‍ය ආනයනය කර  මෙරටදීම නිපදවීමට හැකියාව තිබියදී එයට අවස්ථාව මගහැර එම අවස්ථාව අහිමි කර ඇත්තේ   විදෙස් රටවලින් ගජ මිතුරන්ට බාල නිමි භාණ්ඩ ගැන්වීම සඳහා අවස්ථාව ලබා දීමට දැයි  සැකයක් මතුවන බව  එම සංගමයේ උප සභාපති ප්‍රියංක නෙවිල් මහතා කොළඹදී අද (28)පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

අයවැය සකස් කිරීමට පෙර තම සංගමයද අදහස් හා යෝජනා බලධාරීන් ඒවා මග හැර ඇතැයිද  හෙතෙම පෙන්වා දුන්නේය.

ඇතැම් නිලධාරීන්  රජය  අපහසුතාවයට පත්කරවමින් දේශීය පාවහන් නිෂ්පාදකයාද  වළපල්ලට දමමින් තීන්දු තීරණ ගන්නා බව පෙනී යන හෙයින් වහාම වගකිවයුතු බලධාරීන් මැදිහත්වී දේශීය පාවහන් නිෂ්පාදකයන්ට අවශ්‍ය සහන ලබාදෙන ලෙස ප්‍රියංක නෙවිල් මහතා ඉල්ලීමක් කරයි

අත්‍යවශ්‍ය නොවන ඇපල්,චීස් වැනි ආහාර සඳහා වැය කරන ඩොලර් රටේ පාවහන් සහ සම් භාණ්ඩ ඇතුළු මෙරට නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමට යොදවන්නේ  නම් රටේ නිෂ්පාදනය වැඩිකර අමතර නිෂ්පාදන අපනයනය කර ඩොලර් උපයා ගැනීමේ හැකියාව ලැබෙන බව පැවසූ  උපසභාපතිවරයා නිෂ්පාදන කටයුතු ඇණ හිටීම නිසා  බැංකු ණය පවා ගෙවා ගැනීමට නොහැකි  තත්වයක් අද මතුව ඇතැයිද  ප්‍රකාශ කළේය.

වරායට ගෙන්වා ඇති අමුද්‍රව්‍ය කන්ටේනර් පවා ඩොලර් හිඟය නිසා නිදහස් කරගැනීමට ඇතැම් නිෂ්පාදකයන්ට නොහැකිවී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

රටේ පාවහන් නිෂ්පාදනයෙන්  සියයට 75ක් පමණ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයින් සපුරන බවත් ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය  ගෙන්වා ගැනීමට ඉඩප්‍රස්ථාව සලසන්නේනම් රටේ අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් සිදු කළ හැකි බවත් ඔහු කීය.

මෙම ක්ෂේත්‍රයෙන්   ජාතික ආදායමට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක්  ලැබුණු බව පැවසූ ප්‍රියංක නෙවිල් මහතා  චීනයෙන් හා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සලසන්නේනම් අපනයන තවත් පුළුල් කළ හැකි බවද  සඳහන් කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු බලන්න ගිහින් නිලධාරින්ට යකා නගියි"ඔයාගේ කුණු මෙතන දාලනේ තියෙන්නේ පච කියන්න එපා රට වටේම"
03:16
Video thumbnail
සුජීව නැගිටිලා ආණ්ඩුවට දුම් විසිවෙන්නම දෙයි - ජනතාව පොල්ල අතට ගන්නවා
07:21
Video thumbnail
කළුතර නගරයේ හා අවට ආරක්ෂාව තර කරයි - ආරක්ෂාවට පොලිස් නිලධාරින් 650ක් දායි
01:20
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැන් අතුරුදන් වෙලා - හොයාගන්නවත් නෑ
07:48
Video thumbnail
බන්ධනාගාරයේ මි#ගිය අය වෙනුවෙන් සජබ කාවින්ද පැන් වඩයි - අපිට දාරාගන්න බැරි කම්පනයක්
06:00
Video thumbnail
චරිත් සල්ලි ගත්තේ ඩොලර්වලින් ද, ඩිර්හම්වලින් ද - සජිත්ට දාපු කින්ඩිය
12:42
Video thumbnail
අර්චුනා ඇදගෙන ආ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක්
01:09
Video thumbnail
භෞත චිකිත්සකවරිය ඝා#න සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්
00:54
Video thumbnail
හඳුන්නෙත්තිගේ කතාව නිසා රෝහිතට තදවෙයි - සැරටම දෙයි
11:27
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේනක් වටලා සැකකරු කුදලන් යයි
00:46