මෙරට පුද්ගලයන් ලක්ෂ පහකට රැකියා අහිමි වීමේ අවදානමක්

පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා නිෂ්පාදනය ඇනහිටීමෙන්  ක්ෂේත්‍රයේ ලක්ෂ  පහක පමණ පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

රටේ පාවහන් නිෂ්පාදනනයෙන් සියයට 95ක් පමණ අමුද්‍රව්‍ය ආනයනය කර  මෙරටදීම නිපදවීමට හැකියාව තිබියදී එයට අවස්ථාව මගහැර එම අවස්ථාව අහිමි කර ඇත්තේ   විදෙස් රටවලින් ගජ මිතුරන්ට බාල නිමි භාණ්ඩ ගැන්වීම සඳහා අවස්ථාව ලබා දීමට දැයි  සැකයක් මතුවන බව  එම සංගමයේ උප සභාපති ප්‍රියංක නෙවිල් මහතා කොළඹදී අද (28)පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

අයවැය සකස් කිරීමට පෙර තම සංගමයද අදහස් හා යෝජනා බලධාරීන් ඒවා මග හැර ඇතැයිද  හෙතෙම පෙන්වා දුන්නේය.

ඇතැම් නිලධාරීන්  රජය  අපහසුතාවයට පත්කරවමින් දේශීය පාවහන් නිෂ්පාදකයාද  වළපල්ලට දමමින් තීන්දු තීරණ ගන්නා බව පෙනී යන හෙයින් වහාම වගකිවයුතු බලධාරීන් මැදිහත්වී දේශීය පාවහන් නිෂ්පාදකයන්ට අවශ්‍ය සහන ලබාදෙන ලෙස ප්‍රියංක නෙවිල් මහතා ඉල්ලීමක් කරයි

අත්‍යවශ්‍ය නොවන ඇපල්,චීස් වැනි ආහාර සඳහා වැය කරන ඩොලර් රටේ පාවහන් සහ සම් භාණ්ඩ ඇතුළු මෙරට නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමට යොදවන්නේ  නම් රටේ නිෂ්පාදනය වැඩිකර අමතර නිෂ්පාදන අපනයනය කර ඩොලර් උපයා ගැනීමේ හැකියාව ලැබෙන බව පැවසූ  උපසභාපතිවරයා නිෂ්පාදන කටයුතු ඇණ හිටීම නිසා  බැංකු ණය පවා ගෙවා ගැනීමට නොහැකි  තත්වයක් අද මතුව ඇතැයිද  ප්‍රකාශ කළේය.

වරායට ගෙන්වා ඇති අමුද්‍රව්‍ය කන්ටේනර් පවා ඩොලර් හිඟය නිසා නිදහස් කරගැනීමට ඇතැම් නිෂ්පාදකයන්ට නොහැකිවී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

රටේ පාවහන් නිෂ්පාදනයෙන්  සියයට 75ක් පමණ දේශීය සුළු හා මධ්‍ය පරිමාණ පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයින් සපුරන බවත් ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය  ගෙන්වා ගැනීමට ඉඩප්‍රස්ථාව සලසන්නේනම් රටේ අවශ්‍යතාවයට සරිලන නිෂ්පාදනයක් සිදු කළ හැකි බවත් ඔහු කීය.

මෙම ක්ෂේත්‍රයෙන්   ජාතික ආදායමට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක පමණ ආදායමක්  ලැබුණු බව පැවසූ ප්‍රියංක නෙවිල් මහතා  චීනයෙන් හා ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙන්වීමට ඉඩ ප්‍රස්ථාව සලසන්නේනම් අපනයන තවත් පුළුල් කළ හැකි බවද  සඳහන් කළේය. 

  1. මෙද පෙරදිග වහල් සෙවයට යන්න පුලුවන් . එහෙ මේ අයට ඉඩ තියෙනවා. ලිංගික වහලුන් ගෙවල් වල වහලුන් . කර්මාන්ත ශාලාවල වහලුන් වාගෙ අවස්තා තියෙනවා; පෝලිමෙ ගිහින් පාස්පොර්ට් අරන් පූස් පාර්ට් එකෙන් හරි එහෙ යන්න. නැත්නම් තම රට පවාදි බොරු හරි කියා; මිනී මරු පාලකයන් නිසා බයෙ ආව කියා යුරොපෙයට බෝට්ටුවලින් එන්න . යුරෝපයෙ එහෙම සරනාගත විසා ගන්න පුලුවන් . ලංකාව පාවදෙන අයට හමුදාව පාව දෙන අයට

  2. තුප්පහි ඔලමොට්ටල මීහරක් ගේ පාලනය නිසා මුලුරටම අගාදයකට පෙරලා දැමූහ උන්ගේ අමන තීන්දු තීරන නිසා හාජනතාමුදල් හොරකම් කිරීම නිසා අද රට අවසන් හුස්ම හෙලා ඇත අර ගණගඩි
    දැන් දීපියව් මුලු රටට ම පාන්ශකූල



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57