ගෙදරදී නම් කෑ ගහලා අම්මාගෙන් ඕන තරම් බැනුම් අහලා තියෙනවා

මේ දිනවල පුංචි තිරයේ කා අතරත් ජනප්‍රිය පුංචි රංගන තරුවක් අද අපේ කතාබහ තුලින් මුණ ගැහෙන්න සිතුවා. මිනායා සහ තාරා යන චරිතවලින් ඇය හමුවන්නේ මේ දිනවල විකාශය වන ‘‘කියා දෙන්න ආදරේ තරම්’’ සහ ‘‘අඳුන්ගිර’’ ටෙලි නිර්මාණ ඔස්සේයි. පුංචි තිරයේ හැඩ වැඩ දාන මේ පොඩි රුවැත්තිය පහන්දි නෙතාරා හුරතල් බස් ගොන්නක් සමඟ සඳැල්ල පුවත්පතේ කතාබහකට මෙලෙස එක්වී තිබුණා.

ඉතින් කොහොමද?

ගෙදරටම වෙලා ඉඳලා එපා වෙලා හිටියේ… දැන් ඉස්කෝලෙ පටන් ගත්තානේ… ඉස්කෝලේ යනවා. ඒවත් එක්ක රූ ගතකිරීම් වැඩ කටයුතුත් කරනවා.

කියමුකෝ බලන්න පහන්දි දුවගේ විස්තර ටිකක්?

මගේ නම පහන්දි නෙතාරා. පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, මමයි. තාත්තා රසික චතුරංග. තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා තමාලි රනෝජා, අම්මා ගෘහණියක්. අයියා විහඟ මනෝද්‍ය, මගේ වයස අවුරුදු අටයි. මම රත්නපුර ජේ.එම්.සී. ජාත්‍යන්තර පාසලේ 3 වසරේ ඉගෙන ගන්නවා.

පහන්දි දුවට කොහොමද මුලින්ම රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ?

මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නැහැ. මම පුංචි කාලේ වෙඩින් එකක මල් කුමාරිට ගියා. එතකොට අසංක කියලා මාමා කෙනෙක් මාව දැකලා වෙළඳ දැන්වීමට දෙන්න පුළුවන් ද කියලා අම්මාගෙන් මාව ඉල්ලලා තියෙනවා. ඒ විදිහට මම මුලින්ම කැමරාවක් ඉස්සරහට ආවේ අවුරුදු තුනේදී. වෙළඳ දැන්වීම් ගොඩාක් කළා. ඒ අතරේ තමයි මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

මුලින්ම දෙරණ නාලිකාවේ විකාශය වුණු රාවණා ටෙලි නාට්‍යයේ මන්දෝදරි කුමාරියගේ පුංචි කාලේ චරිතය මට කරන්න අවස්ථාව ලැබුණා. එතැනින් පස්සේ, අමාලියා, සංඝටන, සේලි, දාම් ටෙලි නාට්‍ය කීපයකට දායක වුණා. මේ දවස්වල කියාදෙන්න ආදරේ තරම්, සකර්ම, අඳුන්ගිර ටෙලි නාට්‍ය තුනේම මම රංගනයෙන් දායක වෙනවා.

පුංචි කාලේ ඉඳලා පහන්දි රඟපාන්න ආසයි ද?

රඟපාන්න එනකල් මට රඟපාන්න පුළුවන් කියලා දැනන් හිටියේ නැහැ. ක්ෂේත්‍රයේ ප්‍රවීණ නැන්දලා මාමලා මට ගොඩක් දේවල් කියලා දෙනවා. ගොඩක් ටෙලිනාට්‍යවලට ලැබුණු චරිත එකිනෙකට වෙනස්. වැඩ කරන පිරිස වෙනස්. ඒ හැම තැනකින්ම මට අලුත් දේවල් ඉගෙන ගන්න ලැබෙනවා.

කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ‘‘මිනායා’’ වෙන්න කොහොම ද දුවට අවස්ථාව ලැබෙන්නේ.

ඒකේ අධ්‍යක්ෂ ධනුෂ්ක රත්නායක මාමාගේ කලින් දාම් ටෙලි නාට්‍යයේ මම බට්ටිච්චාගේ චරිතය කළානේ. ධනුෂ්ක මාමාම තමයි මට මිනායාගේ චරිතය දුන්නෙත්. බට්ටිච්චාගේ චරිතය වඩා මිනායාගේ චරිතය දැන් ගොඩක් ජනප්‍රියයි.

පහන්දිට කොහොම ද මිනායා දැනුනේ?

මිනායාගේ චරිතය කරනකොට සමහර දෙබස්වල දී මට ඇත්තට ඇඬෙන අවස්ථා තියෙනවා. මිනායාගේ අම්මයි, තාත්තයි දෙන්නම ළඟ නැහැ. මිනායා ආච්චියි, සීයයි, ලොකු, දෙවෙනි ළඟ හැදෙන ළමයෙක්. කටකාර දෙබස්වලට මම ආසයි.

අමාරුම වැඩේ දෙබස් මතක තියාගන්න එක තමයි. මට කියන්න තියෙන්නේ දිග වාක්‍ය. සමහර වචන මට කියවෙන්නෙත් නැහැ. වැරදෙනවා. ඒත් ඒත් ධනුෂ්ක මාමා වගේම අනෙක් මාමලා නැන්දලා මට බනින්නේ නැහැ. අපි මෙහෙම කියමු කියලා හරිම ආදරෙන් මට කියලා දෙනවා.

මිනායා වගේම පහන්දිත් කටකාර කෙල්ලෙක් ද?

ගෙදරදී නම් කෑ ගහලා අම්මාගෙන් ඕන තරම් බැනුම් අහලා තියෙනවා.

පහන්දි රඟපාපු චරිතවලින් ආසාවෙන්ම රඟපාපු චරිතත් තියෙනව ද?

මට ලැබුණු හැම චරිතයක්ම ගොඩක් ජනප්‍රිය වුණා. ඒ නිසා විශේෂ චරිතයක් නැහැ. ඔක්කොටම මම ආසයි.

කොහොමද මිනායාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර

අම්මෝ ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මට දැන් කතා කරන්නේ මිනායා කියලා. මම අධ්‍යාපනය හදාරන පාසලෙනුත් රඟපෑම් කටයුතු කරන්න ලොකු සහයෝයක් දෙනවා. මගේ පාසලෙනුත් මගේ රංගන දක්ෂතාවලට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ප්‍රතිචාර එක්ක මට තවත් රඟපාන්න ආස හිතෙනවා.

ඒ කියන්නේ දිගටම රඟපාන්න ද බලාපොරොත්තුව ?

ටෙලිනාට්‍යවලට ආරාධනා නම් ගොඩක් එනවා. ඒත් ඒ ලැබෙන නිර්මාණවල රඟපානවද? නැද්ද? කියලා තීරණය කරන්නේ අම්මා. හොඳම නිර්මාණයක් ලැබුණොත් විතරයි අම්මා මාව එක්කගෙන යන්නේ. අම්මා නිතරම කියන්නේ ෂූටින් අංක දෙක ඉගෙනීම අංක එක කියලා.

පහන්දි දුවට චිත්‍රපටිවලින් ආරාධනා ලැබෙන්නේ නැද්ද?

ආරාධනා ලැබෙනවා. ගොඩක් දෙනෙක් මාව අඳුර ගත්තේ ‘‘ගෝරි’‘ චිත්‍රපටය එක්ක. අදටත් මඟතොටේ දී හම්බවුණාම ‘‘පොඩි බේබි’’ කියලා තමයි කතා කරන්නේ. ඒ වෙනුවෙන් හර්ෂ උඩකන්ද මාමාට ගොඩක් ස්තුති කරනවා. පළවෙනි චිත්‍රපටයේ රඟපෑම දකිද්දී සතුට වැඩිකමට ඇඬුනා. මට වඩා ඒ සතුටට ඇඬුවේ මගේ අම්මයි, තාත්තයි.

රූපගත කිරීම් එක්ක පාසලේ වැඩ අතපසු වෙන්නේ නැද්ද?

ගොඩක් පාසල් වැඩ අතපසුවීම් වෙනවා. ඒත් ගුරුවරු, පාසලේ යාළුවෝ මට අතපසු වෙන පාඩම් වැඩ මට කරගන්න ලොකු සහයෝගයක් දෙනවා.

මොනවද පහන්දි දුවගේ ඉදිරි අලුත් නිර්මාණ?

ඉදිරියේ දී මානික්කාවත කියලා ටෙලිනාට්‍යකට ජගත් චමිල මාමා එක්ක මම අන්ධ චරිතයක් රංගනයෙන් දායක වෙනවා. අලුතින් නම් ටෙලිනාට්‍ය බාර ගත්තේ නැහැ කියලා අම්මා කිව්වා. අධ්‍යාපන වැඩ කටයුතු අතපසු වෙනවා කියලා. අධ්‍යාපන වැඩ එක්ක ඉඩක් ලැබුණොත් නිර්මාණ කටයුතු කරනවා.

පහන්දි දුවගේ මොනවද බලාපොරොත්තු?

දැනට තියෙන එකම බලාපොරොත්තුව හොඳට ඉගෙන ගන්න එක. ලොකු වෙලා ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න තමයි ආස.

දුවගේ කලා ගමනට උදව් කරපු අයත් මතක් කරමු ද?

ධනුෂ්ක රත්නායක මාමා ආදරයෙන් මතක් කරනවා. ධනුෂ්ක මාමා තමයි මට රංගනයේ මේ තැන හදලා දුන්නේ. ඒ වගේම මගේ රංගන හැකියාවන්ට අවස්ථාවක් දුන්න සියලුම අධ්‍යක්ෂකරුවන්ට, මට උදව් කරන සියලුම නැන්දලා මාමලා ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මිනායාගේ පණ වගේ ඉන්න ලොකු, දෙවෙනි දෙන්නවත් ආදරයෙන් මතක් කරනවා. අසංක විජේසූරිය මාමාවත් ආදරයෙන් සිහිපත් කරනවා. අසංක මාමා කතා කරපු වෙළඳ දැන්වීම නිසා තමයි අද මම මෙතන ඉන්නේ.

නදීශා අතුකෝරළ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38
Video thumbnail
වැලිකඩ OIC ලබන 09වෙනිදා දක්වා රිමාන්ඩ් - හිනාවෙවී කට්ටිය එක්ක ඇතුළට යන හැටි
01:50
Video thumbnail
සෙට් එකක් ඇවිත් නවතා තිබූ කැබ් රථයක් උස්සපු හැටි
01:58