කොවිඩ් අධි මාත්‍රා එන්නත ජංගම සේවා මගින්

කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් දෙනු ලැබිණ.

රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී අධි මාත්‍රා එන්නත ලබාදීමට තීරණය කෙරිණි.

කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින් පෙළෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය විය. ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝ නොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම පිරිසට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් කිහිපයක් මේ වන විට භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම් දුන්නේය.

කොවිඩ් අවධානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාව කළ අතර ග්‍රාමීයව පැතිර යන කොවිඩ් අවධානම පාලනය සහ ජනතාව දැනුවත් කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?