කොවිඩ් අධි මාත්‍රා එන්නත ජංගම සේවා මගින්

කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් මෙම උපදෙස් දෙනු ලැබිණ.

රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී අධි මාත්‍රා එන්නත ලබාදීමට තීරණය කෙරිණි.

කොරෝනා මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝග වලින් පෙළෙන සියලු දෙනාට ද තුන්වන මාත්‍රාව ලබාදීමට තීරණය විය. ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝ නොවන රෝගයක් හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු සියලුදෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නත් තුන්වන මාත්‍රාව ලබාදීම සිදු කෙරේ.

අදාළ සායනයෙන් හෝ සෑම සෙනසුරාදා දිනකම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් මෙම පිරිසට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමට හැකි බව සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

කොවිඩ් ආසාදිතයන් සඳහා මහා බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් කිහිපයක් මේ වන විට භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) ලබාදීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර කොවිඩ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් අදාළ ඖෂධ මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට දැනුම් දුන්නේය.

කොවිඩ් අවධානම පිළිබඳ ග්‍රාමීය ජනතාව තුළ ඇති අඩු සැලකිල්ල පිළිබඳව ද මෙහිදී සාකච්ඡාව කළ අතර ග්‍රාමීයව පැතිර යන කොවිඩ් අවධානම පාලනය සහ ජනතාව දැනුවත් කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ලක් විය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33