AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හිමිවූ තැන

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැන හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම සමත්ව සිටිනවා.

මෙම ස්ථානය ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ (25) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 187ක ජයග්‍රහනයත් සමගයි.
අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය එය වන අතර , තරගයෙන් ලැබූ ජය හේතුවෙන් ශ්‍රී ලංකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 12ක් හිමිව තිබෙනවා.

ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි අදියරේ දී ද ප්‍රසාද ලකුණු සටහන සකස් කරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව මත නොව ඊට අදාළ ප්‍රතිශතය අනුවයි.

ඒ අනුව ගත් කල ශ්‍රී ලංකාවේ ජයග්‍රහන ප්‍රතිශතය මේ වන විට 100%ක් වන බැවින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?