AFC Banner
Empty Ad
Empty Ad

“සරෝජා” චිත්‍රපටයෙන් එදා රටම හඳුනාගත්ත ඇය ගැනයි මේ කතාව

කතාබහට ලක් වූ අතිශය ජනප්‍රිය සිනමා සිත්තමක් වන සෝමරත්න දිසානායකගේ “සරෝජා” චිත්‍රපටයේ රඟ පෑ පුංචි කෙල්ල, නිත්‍යවානිව ඔබට මතක ඇති. එදා පුංචි එකියක් වූ ඇය අද බිරිඳක්. ඇය විවාහ වුණේ 2018 වර්ෂයේදී යි.
 
ඉතින් එහෙම වුණත් සරෝජා චිත්‍රපටයෙන් පස්සෙ ඇය ගැන බොහෝ දෙනෙකුට දැන කියාගන්න ලැබුණේ නැහැ. මේ තියෙන්නේ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ ඔහුගේ මුහුණු පොතේ ඇය ගැන තැබූ සටහනක්.

සිනමාවේ ආදරය දිනූ පුංචි සුරංගනාවිය, නිත්‍යවානි කන්දසාමිට නිත්‍ය සන්තුෂ්ටියෙන්ම සපිරි උපන්දිනක්.

“සරෝජා” චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතය නිරුපණය කරමින් සිනමාවට පිවිසි දෙස් විදෙස් කිත් පැසසුම් ලද ළමා රංගන ශිල්පිණියක වන නිත්‍යවානි කන්දසාමි අද දින සිය උපන්දිනය සමරන්නීය.

ඉන් අනතුරුව ආචාර්ය සෝමරත්නයන්ගේම “පුංචි සුරංගනාවී” චිත්‍රපටයේ ද ප්‍රධාන ළමා චරිතය ඇය නිරුපණය කළාය. ඇය රඟපෑ මුල් චිත්‍රපටය වූ “සරෝජා” චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඉරාණ අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය සඳහා වූ සම්මානය ඇය දිනා ගත් අතර මෙරට හොඳම නිළිය සඳහා වන ජනාධිපති සම්මානය ද දිනා ගත්තාය.

එමෙන්ම “පුංචි සුරංගනාවී” චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඉරාණ “ගෝල්ඩන් බටර්ෆ්ලයි” සම්මානය දිනු ඇය හොඳම නිළිය සඳහා වන සරසවිය සම්මානය පවා දිනා ගත්තාය. ළමා නිළියක් හොඳම නිළිය ලෙස පිදුම් ලැබූ විරළ අවසථාව ද ඇයට හිමි වූ අතර අන්තර්ජාතිකව ද එය විරල සිදුවීමක් බව විචාරක මතයකි.

ඇය ඉකුත් 2018 වසරේදී විවාහපත් වූ අතර ඇගේ යුග දිවියට ද ආසිරි ගෙන එමි. අද සිනමාවේ ද ඇය නැවත දැකුමට බොහෝ දෙනෙක් ආසාවෙන් ඇතැයි සිතන අතරම ඇය ඉතා ආසාවෙන් චිත්‍රපට ඇරයුමක් ලැබෙන තුරු බලා සිටින බව ඇය පුවත්පතකට පවසා සිටීම ද සතුටට කරුණකි.

ඇගේ කුඩා කල ගත් ඡායාරූප පෙළක් මේ සමග ගෙන එන අතර ඇගේ නව ඡායාරූප පෙළක් ගැනීමට ද ඉදිරියේ දී හැකිවනු ඇතැයි සිතමි.

ඇයට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව සමගින් සොඳුරු යුග දිවියකට සහ සර්වකාලීන කලා භාවිතාවකට ආසිරි !!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
71
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30
Video thumbnail
සුන්දර ඇල්ල අසුන්දර වුණු හැටි
01:23
Video thumbnail
වසන්ත සමරසිංහ මොන සිප්පි කෑල්ලක්ද - වසන්තගේ රෙදි ලෙෆ්ට්
09:26

?