“සරෝජා” චිත්‍රපටයෙන් එදා රටම හඳුනාගත්ත ඇය ගැනයි මේ කතාව

කතාබහට ලක් වූ අතිශය ජනප්‍රිය සිනමා සිත්තමක් වන සෝමරත්න දිසානායකගේ “සරෝජා” චිත්‍රපටයේ රඟ පෑ පුංචි කෙල්ල, නිත්‍යවානිව ඔබට මතක ඇති. එදා පුංචි එකියක් වූ ඇය අද බිරිඳක්. ඇය විවාහ වුණේ 2018 වර්ෂයේදී යි.
 
ඉතින් එහෙම වුණත් සරෝජා චිත්‍රපටයෙන් පස්සෙ ඇය ගැන බොහෝ දෙනෙකුට දැන කියාගන්න ලැබුණේ නැහැ. මේ තියෙන්නේ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ ඔහුගේ මුහුණු පොතේ ඇය ගැන තැබූ සටහනක්.

සිනමාවේ ආදරය දිනූ පුංචි සුරංගනාවිය, නිත්‍යවානි කන්දසාමිට නිත්‍ය සන්තුෂ්ටියෙන්ම සපිරි උපන්දිනක්.

“සරෝජා” චිත්‍රපටයේ ප්‍රධාන ළමා චරිතය නිරුපණය කරමින් සිනමාවට පිවිසි දෙස් විදෙස් කිත් පැසසුම් ලද ළමා රංගන ශිල්පිණියක වන නිත්‍යවානි කන්දසාමි අද දින සිය උපන්දිනය සමරන්නීය.

ඉන් අනතුරුව ආචාර්ය සෝමරත්නයන්ගේම “පුංචි සුරංගනාවී” චිත්‍රපටයේ ද ප්‍රධාන ළමා චරිතය ඇය නිරුපණය කළාය. ඇය රඟපෑ මුල් චිත්‍රපටය වූ “සරෝජා” චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඉරාණ අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය සඳහා වූ සම්මානය ඇය දිනා ගත් අතර මෙරට හොඳම නිළිය සඳහා වන ජනාධිපති සම්මානය ද දිනා ගත්තාය.

එමෙන්ම “පුංචි සුරංගනාවී” චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඉරාණ “ගෝල්ඩන් බටර්ෆ්ලයි” සම්මානය දිනු ඇය හොඳම නිළිය සඳහා වන සරසවිය සම්මානය පවා දිනා ගත්තාය. ළමා නිළියක් හොඳම නිළිය ලෙස පිදුම් ලැබූ විරළ අවසථාව ද ඇයට හිමි වූ අතර අන්තර්ජාතිකව ද එය විරල සිදුවීමක් බව විචාරක මතයකි.

ඇය ඉකුත් 2018 වසරේදී විවාහපත් වූ අතර ඇගේ යුග දිවියට ද ආසිරි ගෙන එමි. අද සිනමාවේ ද ඇය නැවත දැකුමට බොහෝ දෙනෙක් ආසාවෙන් ඇතැයි සිතන අතරම ඇය ඉතා ආසාවෙන් චිත්‍රපට ඇරයුමක් ලැබෙන තුරු බලා සිටින බව ඇය පුවත්පතකට පවසා සිටීම ද සතුටට කරුණකි.

ඇගේ කුඩා කල ගත් ඡායාරූප පෙළක් මේ සමග ගෙන එන අතර ඇගේ නව ඡායාරූප පෙළක් ගැනීමට ද ඉදිරියේ දී හැකිවනු ඇතැයි සිතමි.

ඇයට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව සමගින් සොඳුරු යුග දිවියකට සහ සර්වකාලීන කලා භාවිතාවකට ආසිරි !!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27