පළාත් 7කට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පළාත් 7ක් සඳහා බලපැවැත්වෙන පරිදි තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

දිවයිනට ගිණිකොන දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බැවින් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසීය.

හෙට පස්වරුව තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති එම නිවේදනයට අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවලටද මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන් කර තිබේ.

මේ අතර දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ක් පමණ දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07