AFC Banner
Empty Ad
Empty Ad

පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති..

කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළීමෙන් සිදුවූ ඛේදජනක සිදුවීමෙන් පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් ගේ නිවසට කෝපයට පත් ගම්වැසියන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මගීන් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාව පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 6 දෙනකු මියගොස් තවත් 17 දෙනකු රෝහල්ගත කර ඇති අතර සිද්ධියෙන් බොහෝ පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.
දීර්ඝ කාලයක් තිස්සේ කුරින්චන්කේනි පාලම ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම මගී පාරු යාත්‍රා සේවය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.


මෙම සිද්ධියෙන් පසු අද දින කින්නියා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද ජනතාවගේ ප්‍රකෝපකාරී හැරීම්ද වාර්තා වූ අතර, බලධාරීන්ගේ නොහැකියාවට විරෝධය පළ කරමින් මහජනතාව පොලිසිය සමඟද ගැටුමක් ඇති කර ගනු ලැබුවා.යාත්‍රාවේ සිටි අතුරුදන් වූ මගීන් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විටත් සෝදිසි මෙහෙයුමක නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
292
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?