දිවයින ආසන්නයේ වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23 දින) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.




