AFC Banner
Empty Ad
Empty Ad

නාමල් රාජපක්ෂට සුපිරි කමිටුවක්

රට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ගැටලු නිරාකරණය කිරීම සඳහා සංවර්ධන සම්බන්ධීකාරක හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස තමන්ට සහාය දැක්වීමට සියලු බලතල හිමි නිත්‍ය කමිටුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත්කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මාසිකව රැස්වන එම කමිටුව සඳහා අර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ එකඟතාව මත කමිටු සාමාජිකයන් ලෙස ජාතික ක්‍රමසම්පාදන, ජාතික අයවැය, විදේශ සම්පත් කළමනාකරණ සේවා, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු හා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ද පත්කිරීමට යෝජානා කර තිබේ.

රුපියල් මිලියන 100 ඉක්මවන ව්‍යාපෘති 332ක් අමාත්‍යාංශ 47ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම සංවර්ධන ව්‍යාපෘති වල කාර්යක්ෂමතාව 2021 තෙවැනි කාර්තුව වන විට සමාලෝචනය කරමින් ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රථිපල අපේක්ෂිත පරිදි ලබාදීමට ඇති ගැටලු රාශියක් ඇති බව ප්‍රගති සමාලෝචනයේදී හා ඒවායේ වැඩබිම් පරීක්ෂාවේදී අණාවරණය වී තිබේ.

ඒ අතර ඉඩම් අත්පත් කර ගැනීමේ හා වන්දි ගෙවීමේ ප්‍රමාදයන්, ප්‍රතිපාදන ඌණතාවයන් හා අක්මුදල් ප්‍රමාදයන්, කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල කාර්යසාධනය හා තෙවැනි පාර්ශ්වයන්ගේ අනුමැතිය හා සහාය ප්‍රමාදවීම යන ගැටලු මෙහිදී හඳුනාගෙන තිබේ.

එම ගැටලු නිරාකණය කර ගැනීම සඳහා අමාත්‍යවරයාට සහායවීමටත්‍, ඕනෑම වේලාවකදී ඕනෑම පාර්ශ්වකරුවෙකු කැඳවා තීරණ ගැනීමටත් හැකිවන පරිදි නිසි බලතල ලබාදීමට යෝජිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබත් දරුවෝ ඉස්සරහා රණ්ඩු වෙනවාද..?
03:37
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20

?