නාමල් රාජපක්ෂට සුපිරි කමිටුවක්

රට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ගැටලු නිරාකරණය කිරීම සඳහා සංවර්ධන සම්බන්ධීකාරක හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස තමන්ට සහාය දැක්වීමට සියලු බලතල හිමි නිත්‍ය කමිටුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත්කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මාසිකව රැස්වන එම කමිටුව සඳහා අර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍ය මහින්ද රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ එකඟතාව මත කමිටු සාමාජිකයන් ලෙස ජාතික ක්‍රමසම්පාදන, ජාතික අයවැය, විදේශ සම්පත් කළමනාකරණ සේවා, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තු හා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ද පත්කිරීමට යෝජානා කර තිබේ.

රුපියල් මිලියන 100 ඉක්මවන ව්‍යාපෘති 332ක් අමාත්‍යාංශ 47ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම සංවර්ධන ව්‍යාපෘති වල කාර්යක්ෂමතාව 2021 තෙවැනි කාර්තුව වන විට සමාලෝචනය කරමින් ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රථිපල අපේක්ෂිත පරිදි ලබාදීමට ඇති ගැටලු රාශියක් ඇති බව ප්‍රගති සමාලෝචනයේදී හා ඒවායේ වැඩබිම් පරීක්ෂාවේදී අණාවරණය වී තිබේ.

ඒ අතර ඉඩම් අත්පත් කර ගැනීමේ හා වන්දි ගෙවීමේ ප්‍රමාදයන්, ප්‍රතිපාදන ඌණතාවයන් හා අක්මුදල් ප්‍රමාදයන්, කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල කාර්යසාධනය හා තෙවැනි පාර්ශ්වයන්ගේ අනුමැතිය හා සහාය ප්‍රමාදවීම යන ගැටලු මෙහිදී හඳුනාගෙන තිබේ.

එම ගැටලු නිරාකණය කර ගැනීම සඳහා අමාත්‍යවරයාට සහායවීමටත්‍, ඕනෑම වේලාවකදී ඕනෑම පාර්ශ්වකරුවෙකු කැඳවා තීරණ ගැනීමටත් හැකිවන පරිදි නිසි බලතල ලබාදීමට යෝජිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32