AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන අර්බුදය නිසා ඉදිරියේදී වාහනවලට නව නීතියක් ගෙන්න – රජයේ ඇමතිවරයෙකු ගෙන් යෝජනාවක්

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කුරුණෑගල දී අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මාර්ගයක ගමන් කරන වාහනයක අවම තරමින් තිදෙනෙකු හෝ ගමන් කළ යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

මෙහිදී වාහන ආනයනය කිරීමක් ඉදිරියේදී සිදුනොකරන බවට රජය තීරණය කර ඇති බැවින් ඒ ගැන මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“මොකටද වාහන ගෙන්වන්නේ..? කොහේ දුවන්නද? ලංකාවේ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඒ වාහනේ සිටිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕන. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නේ. මෙයින් විශාල ඉන්ධන ප්‍රමාණයක් පිච්චෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනා කල්පනා කළ යුත්තේ වාහන ගෙන්වන එක නෙමෙයි තියෙන වාහනත් පාවිච්චි කරන්න පාරට දාන්න කලින් දෙපාරක් අපි කල්පනා කළ යුතුයි. හැම මාසෙකම ඩොලර් මිලියන 500ක් යනවා වාහන වලට අවශ්‍ය කරන තෙල් ටික ගෙන්න ලංකාවට. ඒ ඩොලර් මිලියන 500 හොයා ගන්න බැරුව ලෝකේ රටවල් වලට ණයකාරයෝ බවට පත්වෙලා තියෙන්නේ. ඉදිරියේදී මිට වඩා දරුණු තත්ත්වයකට අපි පත්වෙයි. අනාගතයේදී මට හිතෙන්නේ නෑ කිරිපිටි ටිකවත් ගෙන්න වාතාවරණයක් එයි කියලා” රාජ්‍ය අමාත්‍ය දයාසීරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචලා ග්‍රවුන්ඩ් එක හොල්ලයි - කොහොම ඩාන්ස් එක #dancevideo #short #viralvideo
00:19
Video thumbnail
මැතිවරණ කොමිසමට කනේ ඇඟිලි ගහගන්න දෙහි කපයි - කන්නේ බත් නේද? මේ වැඩේ මොකක්ද මේ...
01:24
Video thumbnail
කෝටි දෙකකට ආසන්න මත්ද්‍රව්‍ය සමග කොටුවුණ පුද්ගලයා
00:39
Video thumbnail
එක්සත් ජාතික පක්ෂය හෙට ගන්න යන තීරණාත්මක තීරණය #unp #ranilwickremesinghe
03:11
Video thumbnail
හොරෙන් හොරෙන් රනිල් - මුණගැහෙන්න යන ගැන්සිය - මාධ්‍ය මග හැර යයි #ranilwickremesinghe
00:54
Video thumbnail
ඔබේ ඡන්දය අපතේ යවාගන්න එපා - පාඨලී කළ කාරුණික ඉල්ලීම #npp #akd
08:06
Video thumbnail
නොසැලකිළිමත් රිය ධාවනයෙන් - සිදුවුණ බිහිසුණු රිය අනතුර
01:31
Video thumbnail
🛑Breaking News - ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය Leak කරලා තියෙන්නේ මාලිමාවට සම්බන්ධ ගුරුවරයෙක් ?
04:13
Video thumbnail
විභාගය ලියන්න ආසාවෙන් ඉන්න හපන්නු - "ආය තිබ්බොත්නම් හෙඳයි"
02:27
Video thumbnail
අග්‍රාමාත්‍ය හරිණිට දැඩි දෝෂාරෝපණයක් - "පොඩි ළමයි මානසිකව වැටිලා ඉන්නේ"
02:16

?