ඉන්ධන අර්බුදය නිසා ඉදිරියේදී වාහනවලට නව නීතියක් ගෙන්න – රජයේ ඇමතිවරයෙකු ගෙන් යෝජනාවක්

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

කුරුණෑගල දී අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මාර්ගයක ගමන් කරන වාහනයක අවම තරමින් තිදෙනෙකු හෝ ගමන් කළ යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

මෙහිදී වාහන ආනයනය කිරීමක් ඉදිරියේදී සිදුනොකරන බවට රජය තීරණය කර ඇති බැවින් ඒ ගැන මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“මොකටද වාහන ගෙන්වන්නේ..? කොහේ දුවන්නද? ලංකාවේ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඒ වාහනේ සිටිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕන. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නේ. මෙයින් විශාල ඉන්ධන ප්‍රමාණයක් පිච්චෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනා කල්පනා කළ යුත්තේ වාහන ගෙන්වන එක නෙමෙයි තියෙන වාහනත් පාවිච්චි කරන්න පාරට දාන්න කලින් දෙපාරක් අපි කල්පනා කළ යුතුයි. හැම මාසෙකම ඩොලර් මිලියන 500ක් යනවා වාහන වලට අවශ්‍ය කරන තෙල් ටික ගෙන්න ලංකාවට. ඒ ඩොලර් මිලියන 500 හොයා ගන්න බැරුව ලෝකේ රටවල් වලට ණයකාරයෝ බවට පත්වෙලා තියෙන්නේ. ඉදිරියේදී මිට වඩා දරුණු තත්ත්වයකට අපි පත්වෙයි. අනාගතයේදී මට හිතෙන්නේ නෑ කිරිපිටි ටිකවත් ගෙන්න වාතාවරණයක් එයි කියලා” රාජ්‍ය අමාත්‍ය දයාසීරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37