ලොවක් වසඟ කළ අයිශ්චර්යා සැඟවෙන්නේ ඇයි..?

දින කිහිපයක නිවාඩුවක් ගත කිරිම සඳහා ඩුබායි නගරයට ගිය අයිශ්වර්යා රායි පසුගිය සති අන්තයේදී නැවතත් සිය මුම්බායි නිවසට පැමිණ ඇත. මුම්බායි ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදින්ද මඟ අරිමින් අයිශ්වර්යා හා අභිෂේක් මෙන්ම එකම දියණිය ආරධ්‍යාද කටයුතු කළ අතර, ඇය මුළු සිරුරම වැසෙන්නට කළු පැහැති දිග ගවුමකින් සැරසි සිටි බව සඳහන් වෙයි.

ගුවන් තොටුපොලේ දුටු මාධ්‍යවේදින් පවසන්නේ අයිශ්වර්යා මෙසේ සිය ඇදුම වෙනස් කර ඇත්තේ ඇය නැවතත් ගැබිණියක් බවට ඔප්පු වේයැයි සැකයෙනි.

ආරධ්‍යා ලැබෙන්නට සිටි මුල් කාලයේදීද අයිශ්වර්යා විසින් මෙවැනි පිළිවෙත් අනුගමනය කර තිබුණ බව මෙම මාධ්‍යවේදින් වැඩි දුරටත් සිය වෙබ් පිටු අතර සඳහන් කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
183
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?