ඔය ඇමතිට කලිසම අඳින්න පුරුදු කළෙත් ජේවීපි එක : ෆොන්සේකාගෙන් දරුණු ප්‍රහාරයක්

ආණ්ඩු පැත්තේ ඉන්න කුලියට කහින ඇමතිගේ මේ දවස්වල බෙල්ල කඩා වැටී ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂයට නිර්මාණශීලී වන්න යයි කියන ඒ ඇමතිවරයා ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ පැත්තේ හිටපු කෙනෙක් බවටයි මන්ත්‍රීවරයා හඳුන්වා දුන්නේ.

නම නොකියාම කළ විවේචනය

ෆොන්සේකා මහතා එසේ පිළිතුරු දුන්නේ සමගි ජන බලවේගය පැවැත්වූ විරෝධතාවය නිර්මාණශීලීව කරන්නට යැයි ප්‍රකාශ කළ ඇමතිවරයාට වන අතර එහිදී ඔහුගේ නම නොකියන්නට වග බලාගත්තා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා

“තමුන්නාන්සේ නිර්මාණශීලී හින්දා තමයි පාස්පෝට් දෙකක් හදා ගත්තේ.උප්පැන්න දෙකයි. එකක එයා වැඩිමල්.අනිකේ එයාගේ නෝන වැඩිමල්.”

මන්ත්‍රීවරයා එසේ කියද්දී ආණ්ඩු පාර්ශවයෙන් ඔහුට බාධා එල්ල වූ අතර ඊටද ඔහු පිළිතුරු දුන්නේ මේ ආකාරයට.

ජේවීපී කට්ට

“වාඩිවෙනවා පිස්සා.මේවා අහගන්නවා.තමුන්නාන්සේ ගේ ඒ හිඟන කතා කියපු මිනිහට උත්තර දෙනකොට තමුන්නාන්සේට අමාරුද.වාඩිවෙලා අහගන්නවා. පිස්සෙක් වගේ දොඩවන්නෙ නැතුව.මුන්ට කුලප්පු වෙනවා මේවා කියනකොට.බත් ගොට්ට ගහගෙන දේශපාලනය කරන එවුන් කුලප්පු වෙනවා.”

ජේවීපී එකේ කොල්ලෝ කට්ට කාලා කාලා ඔය පුද්ගලයා දේශපාලනයට ගෙනා බවත් චරිතයක් වුණේ ඒකෙන් බවත් මතක් කර දුන් ෆොන්සේකා මහතා කලිසම අඳින්නේ ඉගෙන ගත්තෙත් ජේවීපී එකෙන් බව සඳහන් කළා.

එහෙම ආපු කෙනා රාජපක්ෂ කඳවුරේ අල්ලස සහ බඩගෝස්තරවාදය දැක්ක ගමන් ඒ පැත්තට පැන්න බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38