ඔය ඇමතිට කලිසම අඳින්න පුරුදු කළෙත් ජේවීපි එක : ෆොන්සේකාගෙන් දරුණු ප්‍රහාරයක්

ආණ්ඩු පැත්තේ ඉන්න කුලියට කහින ඇමතිගේ මේ දවස්වල බෙල්ල කඩා වැටී ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විපක්ෂයට නිර්මාණශීලී වන්න යයි කියන ඒ ඇමතිවරයා ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ පැත්තේ හිටපු කෙනෙක් බවටයි මන්ත්‍රීවරයා හඳුන්වා දුන්නේ.

නම නොකියාම කළ විවේචනය

ෆොන්සේකා මහතා එසේ පිළිතුරු දුන්නේ සමගි ජන බලවේගය පැවැත්වූ විරෝධතාවය නිර්මාණශීලීව කරන්නට යැයි ප්‍රකාශ කළ ඇමතිවරයාට වන අතර එහිදී ඔහුගේ නම නොකියන්නට වග බලාගත්තා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ෆොන්සේකා මහතා

“තමුන්නාන්සේ නිර්මාණශීලී හින්දා තමයි පාස්පෝට් දෙකක් හදා ගත්තේ.උප්පැන්න දෙකයි. එකක එයා වැඩිමල්.අනිකේ එයාගේ නෝන වැඩිමල්.”

මන්ත්‍රීවරයා එසේ කියද්දී ආණ්ඩු පාර්ශවයෙන් ඔහුට බාධා එල්ල වූ අතර ඊටද ඔහු පිළිතුරු දුන්නේ මේ ආකාරයට.

ජේවීපී කට්ට

“වාඩිවෙනවා පිස්සා.මේවා අහගන්නවා.තමුන්නාන්සේ ගේ ඒ හිඟන කතා කියපු මිනිහට උත්තර දෙනකොට තමුන්නාන්සේට අමාරුද.වාඩිවෙලා අහගන්නවා. පිස්සෙක් වගේ දොඩවන්නෙ නැතුව.මුන්ට කුලප්පු වෙනවා මේවා කියනකොට.බත් ගොට්ට ගහගෙන දේශපාලනය කරන එවුන් කුලප්පු වෙනවා.”

ජේවීපී එකේ කොල්ලෝ කට්ට කාලා කාලා ඔය පුද්ගලයා දේශපාලනයට ගෙනා බවත් චරිතයක් වුණේ ඒකෙන් බවත් මතක් කර දුන් ෆොන්සේකා මහතා කලිසම අඳින්නේ ඉගෙන ගත්තෙත් ජේවීපී එකෙන් බව සඳහන් කළා.

එහෙම ආපු කෙනා රාජපක්ෂ කඳවුරේ අල්ලස සහ බඩගෝස්තරවාදය දැක්ක ගමන් ඒ පැත්තට පැන්න බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිම වර්ෂාපතනය මාතරට සහ ගාල්ලට - ගංවතුර පවතින ජනතාව සැලකිල්ලෙන් ඉන්න
05:14
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව නෑ..?
05:48
Video thumbnail
කාවන්තිස්සගේ මරණයේ සැකකරුවන් යළි රිමාන්ඩ් - අධිකරණය ඉදිරියේ ගම්මු උණුසුම් වෙයි
04:18
Video thumbnail
අදත් සමහර ප්‍රදේශවලට තද වැසි - ඔර්නබ් කුණාටුව දුර්වල වෙයි
02:59
Video thumbnail
කොළඹ නගරයට අද ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස
01:25
Video thumbnail
ජනපති සජිත්ව හමුවෙලා "අනේ සජිත්මහත්තයෝ මේක බාරගන්න" කියන්න - කට ඇරියොත් ටොම්පච කියන්නේ
06:36
Video thumbnail
සුඛෝපභෝගී වාහනවලින් ඇවිත් හරක් හොරකම් කරන ජාවාරමක් - මෙන්න CCTV දර්ශන එළියට
06:35
Video thumbnail
පොලිස් ඇමති මැ#ණු තරුණයාට වැරැද්ද දාලා ඇඟ බේරගන්නවා - පොලිසිය ගැන විශ්වාසයක් නෑ
05:01
Video thumbnail
තන්තිරිමලේ කඨින මහා පූජ්‍යෝත්සවයට සජිත්ගේ දායකත්වය - සජිත් අසනීප නිසා ජලනි ප්‍රේමදාස ඇවිත්
09:32
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයට දැඩි අලාභ හානි
00:53