දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්

සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දන්වා තිබේ.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද සුළං ඇතිවිය හැක.

මේ අතර, දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.

මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් 15 දින පමණ වනවිට උතුරු අන්දමන් මුහුදේ පීඩන අවපාතයක් බවට පත්විය හැකිය.

පසුව මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, නොවැම්බර් 18 දින පමණ වනවිට ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ වෙත ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතී.

දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.

කන්කසන්තුරේ සිට මන්නාරම, පුත්තලම කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවියහැකි අතර සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව දැනුම් දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39