කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න යන්න එපා

ශලනි තාරකා කියන්නේ අපි ඉතාමත් ආදරය කරන බොහොම ජනප්‍රිය රංගන ශිල්පිනියක් .ඇය විසින් සිය මුහුණු පොතේ තබා තිබූ සටහනක් හේතුවෙන් ඇගේ ආදරණීය රසිකයන් ඇයට උණුසුම් ලෙස ප්‍රතිචාර දක්වා තිබුණා.

ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ශලනි ගේ ආදරණඒ ආදරණීය රසිකයන් ගේ අවධානය දිනාගනිමින් මුහුණු පොතේ තැබූ සටහන පහතින්..

කිසිම කෙනෙක් ලග ලාබෙට විකිනෙන්න එපා , ඔයාටත් තියෙනවා වටිනාකමක් ඒක හොයාගන්න..! දවසක් පුංචි දරුවෙක්එයාගෙ සීයා ලගට ගියාලු..ගිහින් ඇහුවලු මෙහෙම..“සීයේ.. ජීවිතේකට වටිනාකමක් තියෙනවද..?මගේ ජීවිතේ වටිනාකම කීයද..?“සීයා මේ පුංචි දරුවා අතට රලු ගලක් දුන්නලු..දීලා කිව්වලු මෙහෙම..“පුතා ගිහින්.. මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න.. හැබැයි කීයටවත් මේ ගල විකුණන්න නම් එපා..“පුංචි දරුවා ඒ ගලත් අරගෙන ගියා දොඩම් වෙලෙන්දෙක් ලගට..“මාමේ.. මේ ගල කීයක් වෙනවද..?“දොඩම් වෙලෙන්දා ඒ ගල අතට අරගෙන බැලුවා.. රතු පාටට යාන්තමින් දිලිසෙන ගල ගැන වෙලෙන්දාට සැකයක් ඇතිවුණා..“මේකට මං පුතාට දෙන්නම් දොඩම් ගෙඩි දුසිමක්..!““ස්තුතියි මාමේ.. ඒත් සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා කියලා..“ පුංචි දරුවා ඊලගට ගියේ එළවලු වෙලෙන්දෙක් ලගට..“මාමේ මේ ගල කීයක් වෙයිද..?“එලවලු වෙලෙන්දත් මේ ගල අරගෙන බැලුවා….“පුතා මේක මට විකුණන්නද යන්නෙ.. මම මේකට දෙන්නම් එලවලු ගෝනියක්ම..““ස්තුතියි මාමෙ.. ඒත් සීයා මට කිව්වා මේක විකුණන්න එපා කියලා..“දරුවා ඊලගට ගියේ ආභරණ වෙලෙන්දෙක් ලගට..“මේ ගලට කීයක් දෙන්න පුළුවන්ද..?“ආභරණ වෙලෙන්දා ගල අතට අරන් පරීක්ෂා කළා..“හ්ම්.. මේකට මම දෙන්නම් ලක්ෂ දහයක්..“පුංචි දරුවා වෙලෙන්දාට ස්තුති කරලා වෙනදා උත්තරයම දීලා එන්න ලෑස්ති වුණා..“හා කමක් නෑ.. මම ඔය ලමයට ලොකු රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කො.. මේක මට විකුණන්න..““නෑ මාමේ.. මට ඕන වුණේ මේකෙ වටිනාකම දැනගන්න විතරයි..“ පුංචි දරුවා ඊලගට ගියේ මැණික් වෙලෙන්දෙක් ලගට……මේ ගල අතට අරන් පරික්ෂා කරලා බලපු මැණික් වෙලෙන්දා ආයෙමත් මේ ගල පුංචි ළමයා අතට දීලා මෙහෙම ඇහුවා..“කවුද මේ ගල පුතාට දුන්නේ..?““මගේ සීයා..““පුතේ මේ ගල ලොකු රතු මැණිකක්.. මේ වටිනා මැණික ගන්න මගේ ලග තියෙන හැම සතයක්ම එකතු කළත් මදි වේවි.“ මේ හැම දේම අහගෙන පුංචි දරුවා ආපහු සීයා ලගට ගියා..ගිහින් සීයාට හැම දේම කිව්වා.ඊට පස්සෙ ඇහුවා..“ඉතින් සීයේ කියන්න.. මගේ ජීවිතේ වටිනාකම කීයද..?““ඒකට උත්තරය තමයි පුතේ ඔයා ඔය හොයාගෙන ආවෙ.. එක එක්කෙනා ඒ ගොල්ලන්ගෙ දැනුමෙ හැටියට, ඒ ගොල්ලන්ගෙ අවංක කමේ හැටියට, ඒ ගොල්ලන්ගෙ විශ්වාසයෙ හැටියට ඔයාගෙ ජීවිතේ මිල තීරණය කරයි.. සමහරු කියයි ඔයාගෙ කිසිම වටිනාකමක් නෑ කියලා.. සමහරු ඔයා ගැන හරි හැටි නොදැන පුංචි වටිනාකමක් කියයි.. ඒත්.. කවදා හරි ඔයාව හරියටම දන්න කෙනා ඔයාගේ ජීවිතේ වටිනා කම කියා දෙයි.. ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයාට පෙන්නලා දෙයි..ඒ නිසා ඔයාව විශ්වාස කරන්න..ඔයාව අගය කරන්න..ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා..කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න එපා..තමන්ට ගරු කරන්න…!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
243
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09