ලිට්‍රෝ ගෑස් හිඟවීමට හේතුව ගෑස් සමගාමේ සභාපති හෙලි කරයි

මෙරට ගෑස් වෙළෙඳපොළ තුළ ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බවත් එක් කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳාම සිදු කරන බවත් ‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

එමෙන් ම, වෙනත් කිසිවෙකුට ගෑස් වෙළෙඳාම් කිරීමට එම කණ්ඩායම ඉඩ නොදෙන බවත් කවුරුන් හෝ එය වෙනස් කිරීමට උත්සහ කළහොත් ඔවුන්ට විරුද්ධව ආදාළ කණ්ඩායම් කටයුතු කරන බව ත් සභාපතිවරයා පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (නොවැ. 5) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

“ඔබ අප සියලු දෙනා දන්නවා මේ රටේ නොයෙකුත් ජාතියේ මාෆියා ක්‍රියාත්මක වෙනවා. මේ ගෑස් වෙළෙඳපොළට අදාළව ක්‍රියාත්මක වෙන්නෙ ත් ඒ වගේ මාෆියාවක්. කාටවත් මේ වෙළෙඳපොළට එන්න දෙන්නේ නෑ. එක කණ්ඩායමක් විතරයි මේ වෙළෙඳාම කරලා තියෙන්නේ. කවුරු හරි ඒක වෙනස් කරන්න හැදුව ත් ඒ වෙනස් කරන පුද්ගලයාට විරුද්ධව හෝ ඒ ආයතනයට විරුද්ධව කටයුතු කිරීම තමයි මේ කණ්ඩායම්වල අභිලාශය වෙන්නේ. ඒකට පක්ෂය අදාළ නැහැ. ඒ වගේ ම ආණ්ඩුව අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. හොරුත් එක්ක සියලු දෙනා ම ඉන්නවා. ඒක නිසා මේ හොරුන් කවදාවත් අපිට රාජ්‍ය ආයතනයක් වැඩ කරන මිනිහෙකුට වැඩ කරන්න දෙන්නේ නෑ.”

වෙළෙඳපොළේ ගෑස් හිඟයක් ඇති වීමට හේතුව ද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර ඔහු සඳහන් කළේ, තම සමාගම සතුව ගෑස් නොතිබීම හේතුවෙන් ඔක්තෝබර් 28 වන දා සිට නොවැම්බර් පළමු වන දා දක්වා ගෑස් බෙදා හැරීම නවතා දැමීමට සිදු වූ බව ය.

ගෑස් නැව පැමිණ තිබුණ ද තම සමාගමට ගෑස් සපයන සමාගම කළ තර්ජනයක් හේතුවෙන් ඒ සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සිදු වුව බව ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේ ය. 

“පහුගිය 28 වන දා සිට මේ මස 1 වන දා දක්වා අපිට ගෑස් වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන්න බැරි වුණා. මේක ජනතාව දැනගෙන හිටියේ නෑ. ඇත්තට ම අපිට අපේ ප්ලාන්ට් එක වහන්න වුණා 28 වෙනි දා. මොක ද ඔබට ගෑස් දෙන්න ගෑස් බිංදුවක් වත් අපි ළඟ තිබ්බේ නෑ. හේතුව, ගෑස් නැව මෙතනට ඇවිල්ලා තිබ්බා, ඔවුන් අපිට තර්ජනය කළා ගෑස් දෙන්න බෑ, උඹලා මේ කන්ට්‍රැක්ට් එක තව අවුරුදු දෙකකට දික් කරන්නේ නැත්නම් කියලා. ඒකට අකමැති වීම නිසා ඒ තර්ජනයට මුහුණ දීම නිසා සභාපතිවරයා සහ මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා මට සිද්ධ වුණා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙනකම් කෙසේ හෝ මේ තත්ත්වය සමනය කර ගන්න.

මේ කන්ට්‍රැක්ට් එක හරහා රටට නැති වෙන සමස්ත මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් බිලියන 10ක් පමණ වෙනවා. කවුරු හෝ කෙනෙක්ගේ අතට යනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?