ලිට්‍රෝ ගෑස් හිඟවීමට හේතුව ගෑස් සමගාමේ සභාපති හෙලි කරයි

මෙරට ගෑස් වෙළෙඳපොළ තුළ ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බවත් එක් කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳාම සිදු කරන බවත් ‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

එමෙන් ම, වෙනත් කිසිවෙකුට ගෑස් වෙළෙඳාම් කිරීමට එම කණ්ඩායම ඉඩ නොදෙන බවත් කවුරුන් හෝ එය වෙනස් කිරීමට උත්සහ කළහොත් ඔවුන්ට විරුද්ධව ආදාළ කණ්ඩායම් කටයුතු කරන බව ත් සභාපතිවරයා පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (නොවැ. 5) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

“ඔබ අප සියලු දෙනා දන්නවා මේ රටේ නොයෙකුත් ජාතියේ මාෆියා ක්‍රියාත්මක වෙනවා. මේ ගෑස් වෙළෙඳපොළට අදාළව ක්‍රියාත්මක වෙන්නෙ ත් ඒ වගේ මාෆියාවක්. කාටවත් මේ වෙළෙඳපොළට එන්න දෙන්නේ නෑ. එක කණ්ඩායමක් විතරයි මේ වෙළෙඳාම කරලා තියෙන්නේ. කවුරු හරි ඒක වෙනස් කරන්න හැදුව ත් ඒ වෙනස් කරන පුද්ගලයාට විරුද්ධව හෝ ඒ ආයතනයට විරුද්ධව කටයුතු කිරීම තමයි මේ කණ්ඩායම්වල අභිලාශය වෙන්නේ. ඒකට පක්ෂය අදාළ නැහැ. ඒ වගේ ම ආණ්ඩුව අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. හොරුත් එක්ක සියලු දෙනා ම ඉන්නවා. ඒක නිසා මේ හොරුන් කවදාවත් අපිට රාජ්‍ය ආයතනයක් වැඩ කරන මිනිහෙකුට වැඩ කරන්න දෙන්නේ නෑ.”

වෙළෙඳපොළේ ගෑස් හිඟයක් ඇති වීමට හේතුව ද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර ඔහු සඳහන් කළේ, තම සමාගම සතුව ගෑස් නොතිබීම හේතුවෙන් ඔක්තෝබර් 28 වන දා සිට නොවැම්බර් පළමු වන දා දක්වා ගෑස් බෙදා හැරීම නවතා දැමීමට සිදු වූ බව ය.

ගෑස් නැව පැමිණ තිබුණ ද තම සමාගමට ගෑස් සපයන සමාගම කළ තර්ජනයක් හේතුවෙන් ඒ සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට සිදු වුව බව ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේ ය. 

“පහුගිය 28 වන දා සිට මේ මස 1 වන දා දක්වා අපිට ගෑස් වෙළෙඳපොළට ගෑස් නිකුත් කරන්න බැරි වුණා. මේක ජනතාව දැනගෙන හිටියේ නෑ. ඇත්තට ම අපිට අපේ ප්ලාන්ට් එක වහන්න වුණා 28 වෙනි දා. මොක ද ඔබට ගෑස් දෙන්න ගෑස් බිංදුවක් වත් අපි ළඟ තිබ්බේ නෑ. හේතුව, ගෑස් නැව මෙතනට ඇවිල්ලා තිබ්බා, ඔවුන් අපිට තර්ජනය කළා ගෑස් දෙන්න බෑ, උඹලා මේ කන්ට්‍රැක්ට් එක තව අවුරුදු දෙකකට දික් කරන්නේ නැත්නම් කියලා. ඒකට අකමැති වීම නිසා ඒ තර්ජනයට මුහුණ දීම නිසා සභාපතිවරයා සහ මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා මට සිද්ධ වුණා ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙනකම් කෙසේ හෝ මේ තත්ත්වය සමනය කර ගන්න.

මේ කන්ට්‍රැක්ට් එක හරහා රටට නැති වෙන සමස්ත මුදල් ප්‍රමාණය ආසන්න වශයෙන් බිලියන 10ක් පමණ වෙනවා. කවුරු හෝ කෙනෙක්ගේ අතට යනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17