දුම් වැටියට එන මිල සුත්‍රය : අයවැයෙන් දුම්වටියක මිල ඉහළ යන හැටිත් හෙළිවෙයි

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සකස් කරන ලද දුම්වැටි සඳහා වන මිල සූත්‍රයට අනුව එළඹෙන අයවැයෙන් පසු දුම් වැටියක මිල අනිවාර්යයෙන්ම ඉහළ යන බවට බලාපොරොත්තුවක් ඇතැයි එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ, අද (04) මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉතිහාසයේ ප්‍රථම වරට දුම් වැටි මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සඳහා මෙලෙස මිල සූත්‍රයක් සකස් කර තිබෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙන බවයි සභාපතිවරයා පැවසුවේ.

ඒ අනුව මෙම අයවැයෙන් පසු දුම් වැටියක මිල රු.4කින් 5කින් වැඩි වන අතර තව වසර 5ක් පමණ වන විට රු. 20කට වැඩි ප්‍රමාණයකින් දුම්වැටියේ මිල ඉහළ යන බවයි ඔහු සඳහන් කළේ.

ලංකාව තුළ දුම් වැටි භාවිතය නිසා දිනකට 60ක පමණ පිරිසක් මිය යන අතර වසරකට එය 22000ක් පමණ වන බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මෙවැනි තීන්දුවකට පැමිණි බව රාජපක්ෂ මහතා පැවසුවා.

”මම විශ්වාස කරනවා රටේ දිළිඳු බව වැඩිවෙන්න දුම්වැටිය හේතුවක් කියල. මිල සුත්‍රයෙන් ලංකා ආණ්ඩුවට වැඩි ප්‍රතිශතයක් බදු ලෙස එකතු වෙනවා.
දුම්කොළ සමගම දැඩි ප්‍රයත්නයක දරනවා මේ මිල සුත්‍රය හකුලවන්න.” යනුවෙන් සභාපතිවරයා කියාසිටියා.
දුම්වැටි වෙළඳපොලේ නොමැති බවත් දුම්වැටි වල මිල ඉහළ යාම දැනගෙන වෙළඳුන් විසින් දුම්වැටි සඟවා ඇති බවත් ඔහු කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?