දුම් වැටියට එන මිල සුත්‍රය : අයවැයෙන් දුම්වටියක මිල ඉහළ යන හැටිත් හෙළිවෙයි

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සකස් කරන ලද දුම්වැටි සඳහා වන මිල සූත්‍රයට අනුව එළඹෙන අයවැයෙන් පසු දුම් වැටියක මිල අනිවාර්යයෙන්ම ඉහළ යන බවට බලාපොරොත්තුවක් ඇතැයි එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවා.

ඒ, අද (04) මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉතිහාසයේ ප්‍රථම වරට දුම් වැටි මිලදී ගැනීම අධෛර්යමත් කිරීම සඳහා මෙලෙස මිල සූත්‍රයක් සකස් කර තිබෙන අතර එය සෞඛ්‍ය අමාත්‍යවරයා හරහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙන බවයි සභාපතිවරයා පැවසුවේ.

ඒ අනුව මෙම අයවැයෙන් පසු දුම් වැටියක මිල රු.4කින් 5කින් වැඩි වන අතර තව වසර 5ක් පමණ වන විට රු. 20කට වැඩි ප්‍රමාණයකින් දුම්වැටියේ මිල ඉහළ යන බවයි ඔහු සඳහන් කළේ.

ලංකාව තුළ දුම් වැටි භාවිතය නිසා දිනකට 60ක පමණ පිරිසක් මිය යන අතර වසරකට එය 22000ක් පමණ වන බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මෙවැනි තීන්දුවකට පැමිණි බව රාජපක්ෂ මහතා පැවසුවා.

”මම විශ්වාස කරනවා රටේ දිළිඳු බව වැඩිවෙන්න දුම්වැටිය හේතුවක් කියල. මිල සුත්‍රයෙන් ලංකා ආණ්ඩුවට වැඩි ප්‍රතිශතයක් බදු ලෙස එකතු වෙනවා.
දුම්කොළ සමගම දැඩි ප්‍රයත්නයක දරනවා මේ මිල සුත්‍රය හකුලවන්න.” යනුවෙන් සභාපතිවරයා කියාසිටියා.
දුම්වැටි වෙළඳපොලේ නොමැති බවත් දුම්වැටි වල මිල ඉහළ යාම දැනගෙන වෙළඳුන් විසින් දුම්වැටි සඟවා ඇති බවත් ඔහු කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42