නාඩගම්කාරයෝ හි මනමාලං උපන්දිනය දවසේ කරපු අපුරු වැඩේ

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතුරෙන් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරේ අතිශයින්ම ජනප්‍රියයි. එහි මාලන්ගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ කෝකිල පවන් ජයසූරියයි. කෝකිල රංගන ශිල්පියෙක් වගේම දක්ෂ ගායකයෙක්. කෝකිලගේ ගායන හැකියාව පිළිබඳව ඔහුගේ රසිකයන් දැනගත්තේ ඔහු සහභාගී වුණු මා නොවන මම, EDIFY SHOW වැනි රූපවාහිනී වැඩසටහන් හරහායි. කෙසේවෙතත් පසුගිය දිනෙක කෝකිලගේ උපන්දිනය යෙදී තිබුණා. ඉතින් උපන්දිනය දවසේ කෝකිල තමන්ගේම ගීතයක් ආදරණීය රසිකයන්ට තිළිණ කර තිබෙනවා.

ඒ ‘රහසින්’ ගීතයයි. මේ ගීතයේ පද රචනය අනුරාද් රවිචන්ද්‍රන් විසින් සිදු කර තිබෙන අතර සංගීතය සචිත් රුවිඳු බෝගොඩ විසින් සිදු කර තිබෙනවා. ගීතයේ රූප රචනාවට දායක වී තිබෙන්නේ කෝකිල සමගින් නවක රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල්. රහසින් ගීතය අන්තර්ජාලයට නිකුත් කර පැය කිහිපයක් ගතවන්නට පෙර මෙම ගීතය රසිකයන් අතරේ ඉතා ජනාදරයට පත් වී තිබෙනවා.

එම ගීතය පහතින්

සාරවිට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?