AFC Banner
Empty Ad
Empty Ad

මහා හාස්කම් ඇති නල්ලූර් කෝවිල වතුරෙන් යට වෙලා! අනතුරක ඉඟියක්ද? කාගෙ හරි අපලයක්ද?

උතුරු පලාතේ ගෙවී ගිය දින 5 ක කාලය තුලදී බලපෑ අධික වර්ෂාව සහ අකුණ ගැසීම් වලින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති අතර පවුල් 11 කට අයත් පුද්ගලයින් 45 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය පවසයි.

අධික වර්ෂාවන් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කයට වන අතර එහි පවුල් 9 කට අයත් පුද්ගලයින් 40 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතරම අද (31) වන විට යාපනය නල්ලූර් කෝවිල් භූමියද වැසි ජලයෙන් යටවීමේන් බැතිමතුන්ගේ ආගමික කටයුතු වලට බාධා එල්ල වී ඇත.

මේ අතර මුලතිව් දිස්ත්‍රීක්කයට බලපෑ වර්ෂාව හේතුවෙන් පවුල් දෙදකට අයත් පුද්ගලයින් පස් දනෙකු පීඩාවන්ට පත්ව ඇති අතර එහිදී  වර්ෂාවත් සමග නිවසකට අකුණු සැර වැදීමකින් එහි සිටි එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල ගත කොට ඇති බව මුලතිව් දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකය පවසයි.

මේ අතර පවතින් අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් පහත් බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?