වසර 06 කට පමණ පෙර ඇනහිට තිබූ ප්‍රංශය සමග ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කරමින් ගුවන් මගීන් 200 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
1980 වසරේ ආරම්භ වූ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාව 2015 වසරේ දී ඇණහිට තිබුණා.
මෙම දෙරට අතර ඍජු ගුවන් ගමන් සේවාව යළිත් ආරම්භ කරමින් අද දින අලුයම 04.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 564 දරන ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
මෙම ගුවන් යානය තුළ වැඩිපුර ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණියා. මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි පැමිණි ගුවන් මගීන්ට ඉතා හොදින් සංග්‍රහ සත්කාර කළ බවයි එහි පැමිණි ගුවන් මගින් ප්‍රකාශ කර සිටියේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය මින්පසුව සතියකට දින 03 ක් බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.