වසර 06කට පසුව ප්‍රංශයේ සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ඇරඹේ

වසර 06 කට පමණ පෙර ඇනහිට තිබූ ප්‍රංශය සමග ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කරමින් ගුවන් මගීන් 200 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

1980 වසරේ ආරම්භ වූ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාව 2015 වසරේ දී ඇණහිට තිබුණා.

මෙම දෙරට අතර ඍජු ගුවන් ගමන් සේවාව යළිත් ආරම්භ කරමින් අද දින අලුයම 04.50 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 564 දරන ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ගුවන් යානය තුළ වැඩිපුර ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණියා. මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි පැමිණි ගුවන් මගීන්ට ඉතා හොදින් සංග්‍රහ සත්කාර කළ බවයි එහි පැමිණි ගුවන් මගින් ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මින්පසුව සතියකට දින 03 ක් බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42