AFC Banner
Empty Ad
Empty Ad

දෙමටගොඩ රුවන් ගැන පොලීසියෙන් අනාවරණයක්

ට්‍රෝලර් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගියදා ඉන්දීය පොලීසිය විසින් සොයාගත් හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් බවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමඟ සැකකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට ගත් බවද මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 

මෙම යාත්‍රාවේ තිබු සැටලයිට් දුරකථනයක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටන දෙමටගොඩ රුවන් නැමැත්තාට මෙම හෙරොයින් තොගය යොමුකරන බවය.

“ඉන්දීය වෙරළ ආරක්ෂ නිලධාරින් විසින් පසුගියදා බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගත්තා, ශාෂීලා දුව නැමැති බහුදින යාත්‍රාව. එහිදී හෙරොයින් 340kgක් සමඟ සැකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මෙම බහුදින යාත්‍රාවේ තිබී හමුවූ සැටලයිට් දුරකථනය ඔස්සේ විමර්ශනය කිරීමකින් අනතුරුව අනාවරණය වුණා ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයෙකුට මෙම හෙරොයින් 340kg යොමු කරන බව. තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේ දී අනාවරණය වුණා මෙම හෙරොයින් 340kg දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රුවන් යන පුද්ගලයෙක් වෙත යොමු කරන බව. ඔහුගේ නම ලෙස සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත්  දෙමටගොඩ රුවන් වෙත මෙම හෙරෝයින් තොගය යොමු කර ඇති බව අනාවරණය වුණා. ඒ අනුව  විමර්ශනයේ දී තවදුරටත් තහවුරු වුණා මොහු විවිධ ජාවාරම්වල නිරතවන පුද්ගලයෙකු බව. ඒ වගේම මීට පෙර අවස්ථාවලදීත් මොහු විවිධ ආකාරයේ අපරාධවලට, මිනී මැරීම් වැනි අපරාධවලට සම්බන්ධ වු පුද්ගලයෙකු බවට තවදුරටත් අනාවරණය වුණා”.

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන දෙමටගොඩ රුවන් නැමැත්තා 2017 වසරේ සිට කෝටි 700කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය දිවයිනට ගෙන්වා ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව විසින් දෙමටගොඩ රුවන් නැමැත්තා පසුගිය 29 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෑස් ටැංකියට සහය දුන්නු අය හදීසියේ හමුවෙයි #ranilwickremesinghe
04:14
Video thumbnail
ඇයි සහරාන් ගැන හන්ගන් හිටියේ ? පාස්කු ඉරිදා ප්‍රහාරය - BOOK LAUNCH #booklaunch
05:49
Video thumbnail
වෙනස් විදියකට හිතපු කල්පිටියේ බීට් ගොවියෝ - හිතුවෝත් මොනවද කරන්න බැරි?
02:35
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:11
Video thumbnail
බොරු සෝබන නෑ - කැටයම් නෑ - දැන් අපිට ඉන්නේ - ජව සම්පන්න නායකයෙක් #akd #anurakumaradissanayaka
02:02
Video thumbnail
කැළණියේ කෙල්ලෝ - කොල්ලෝ - මාලිමාවේ ජයග්‍රහණය අමුතුම විදියට සමරයි #npp #anurakumaradissanayaka
02:51
Video thumbnail
ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ඔයත් කැමතිද?
05:05
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48

?