දෙමටගොඩ රුවන් ගැන පොලීසියෙන් අනාවරණයක්

ට්‍රෝලර් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී පසුගියදා ඉන්දීය පොලීසිය විසින් සොයාගත් හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් බවය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.

එහිදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 340ක් සමඟ සැකකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට ගත් බවද මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. 

මෙම යාත්‍රාවේ තිබු සැටලයිට් දුරකථනයක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක දී හෙළිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිටන දෙමටගොඩ රුවන් නැමැත්තාට මෙම හෙරොයින් තොගය යොමුකරන බවය.

“ඉන්දීය වෙරළ ආරක්ෂ නිලධාරින් විසින් පසුගියදා බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගත්තා, ශාෂීලා දුව නැමැති බහුදින යාත්‍රාව. එහිදී හෙරොයින් 340kgක් සමඟ සැකකරුවන් 5දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මෙම බහුදින යාත්‍රාවේ තිබී හමුවූ සැටලයිට් දුරකථනය ඔස්සේ විමර්ශනය කිරීමකින් අනතුරුව අනාවරණය වුණා ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයෙකුට මෙම හෙරොයින් 340kg යොමු කරන බව. තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේ දී අනාවරණය වුණා මෙම හෙරොයින් 340kg දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රුවන් යන පුද්ගලයෙක් වෙත යොමු කරන බව. ඔහුගේ නම ලෙස සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත්  දෙමටගොඩ රුවන් වෙත මෙම හෙරෝයින් තොගය යොමු කර ඇති බව අනාවරණය වුණා. ඒ අනුව  විමර්ශනයේ දී තවදුරටත් තහවුරු වුණා මොහු විවිධ ජාවාරම්වල නිරතවන පුද්ගලයෙකු බව. ඒ වගේම මීට පෙර අවස්ථාවලදීත් මොහු විවිධ ආකාරයේ අපරාධවලට, මිනී මැරීම් වැනි අපරාධවලට සම්බන්ධ වු පුද්ගලයෙකු බවට තවදුරටත් අනාවරණය වුණා”.

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන දෙමටගොඩ රුවන් නැමැත්තා 2017 වසරේ සිට කෝටි 700කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ මුහුදු මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය දිවයිනට ගෙන්වා ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව විසින් දෙමටගොඩ රුවන් නැමැත්තා පසුගිය 29 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03