කොවිඩ් සම්බන්ධයෙන් භයානක පුවතක්.. එන්නත් වල බල බිදින ප්‍රභේදයක්

ලොව බොහෝ රටවල් මේ වනවිට අවධානයෙන් පසුවන A.30 නම් කොවිඩ් වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ විවාහ මංගල උත්සව හා අවමංගල්‍ය උත්සවවලදී සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් වෛරසය පැතිරීමේ වැඩි ඉඩක් පවතින බවය.

“මේ ප්‍රභේදය ගැන අලුත් සොයා ගැනීමක් කරලා තියෙනවා. ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු ප්‍රධාන වර්ගවල  එන්නත් සියල්ලකින්ම ඇතිකරන ආරක්ෂාව කඩන්න පුළුවන් කියලා මේ A30 කියන ප්‍රභේදයට. මේක ව්‍යාප්ත වුණොත් ලොකු අපහසුතාවයක වැටෙයි කියලා ලෝකයේම අවධානය යොමුවෙලා තියෙනවා. මේ ගැන අපිත් අවධානයෙන්. සියල්ල ඉවරයි කියලා ජනතාව කටයුතු කළොත් තවත් සති 4කින් විතර එහි අනිසි ප්‍රතිඵල අපිට විඳින්න වෙයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?