පළමු වරට දුමින්ද සිල්වා වේදිකාවට ඇවිත් කියූ දේ – VIDEO

තමාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිධුරයට පත්කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් තමා දේශපාලනයට ඒවිදැයි නොදන්නා බවත් හිිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා පවසයි.

කොළඹදි පැවැති උත්සවයකදි ඔහු සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දූෂිත ආයතනයක් බවයි.

“අඩු ආදායම් ලාභී අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ආයතනයක් තමයි නිවාස සංවර්ධන අධිකාරිය. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු මනුස්සයෙක් වශයෙන් මට තේරෙනවා මේ ජනතාවගේ දුක කොහොමද කියලා.

ඒ නිසා තමයි අග්‍රාමාත්‍යතුමා මට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිධුරය ලබා දුන්නේ. අනාගතයේදි අපි නිවාස 70000ක් හදන්න සැලසුම් කරලා තියෙනවා. අපිට අවශ්‍ය මිනිස්සුන්ට වැඩ කරන්න.

එහෙම අයට තමයි මිනිස්සු ආදරය කරන්නේ. මම දන්න් නෑ මම දේශපාලනයට එයිද නැත්ද කියලා. අපි කැපවෙලා වැඩ කරන නිසා තමයි අපිට යම්කිසි දෙයක් භාර දෙන්නේ.

මිනිහෙක් සංතෝෂ වෙනවනම් සල්ලි නැත්නම් මම සල්ලි දීලා ගේ අරන් දෙනවා. ඒ මම අපිට අවශ්‍ය උවමනාව මිසක් මනුස්සයෙක්ගෙන් ගරා ගැනීම නෙමෙයි.

අද නිවාස සංවර්ධන අධිකාරිය ඉතාම දූෂිතයි. මම උදේ අට හමාරට ආවම රෑ නමයයි, දහයයි ගෙදර යද්දී. අපේ ඔෆිස් එකේ හතර වෙනකොට කට්ටිය යනවා.

ඉතින් මටම පුදුමයි ඇයි කියලා. මොකද මට ඒක පුරුදු නෑ. ඇවිල්ලා කෑම කන්න පැයයි. නිකම්ම ඉන්නවා. හතර වෙනකොට බස් එකට දුවන්න ඕන. එහෙම බෑ. කැපවෙලා වැඩ කරන්න ඕන. රටක් දියුනු වෙන්න නිලධාරින් කැපවෙලා ඉන්න ඕන.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?