පළමු වරට දුමින්ද සිල්වා වේදිකාවට ඇවිත් කියූ දේ – VIDEO

තමාව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිධුරයට පත්කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බවත් තමා දේශපාලනයට ඒවිදැයි නොදන්නා බවත් හිිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා පවසයි.

කොළඹදි පැවැති උත්සවයකදි ඔහු සඳහන් කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දූෂිත ආයතනයක් බවයි.

“අඩු ආදායම් ලාභී අහිංසක, දුප්පත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් ආයතනයක් තමයි නිවාස සංවර්ධන අධිකාරිය. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැඩ කරපු මනුස්සයෙක් වශයෙන් මට තේරෙනවා මේ ජනතාවගේ දුක කොහොමද කියලා.

ඒ නිසා තමයි අග්‍රාමාත්‍යතුමා මට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිධුරය ලබා දුන්නේ. අනාගතයේදි අපි නිවාස 70000ක් හදන්න සැලසුම් කරලා තියෙනවා. අපිට අවශ්‍ය මිනිස්සුන්ට වැඩ කරන්න.

එහෙම අයට තමයි මිනිස්සු ආදරය කරන්නේ. මම දන්න් නෑ මම දේශපාලනයට එයිද නැත්ද කියලා. අපි කැපවෙලා වැඩ කරන නිසා තමයි අපිට යම්කිසි දෙයක් භාර දෙන්නේ.

මිනිහෙක් සංතෝෂ වෙනවනම් සල්ලි නැත්නම් මම සල්ලි දීලා ගේ අරන් දෙනවා. ඒ මම අපිට අවශ්‍ය උවමනාව මිසක් මනුස්සයෙක්ගෙන් ගරා ගැනීම නෙමෙයි.

අද නිවාස සංවර්ධන අධිකාරිය ඉතාම දූෂිතයි. මම උදේ අට හමාරට ආවම රෑ නමයයි, දහයයි ගෙදර යද්දී. අපේ ඔෆිස් එකේ හතර වෙනකොට කට්ටිය යනවා.

ඉතින් මටම පුදුමයි ඇයි කියලා. මොකද මට ඒක පුරුදු නෑ. ඇවිල්ලා කෑම කන්න පැයයි. නිකම්ම ඉන්නවා. හතර වෙනකොට බස් එකට දුවන්න ඕන. එහෙම බෑ. කැපවෙලා වැඩ කරන්න ඕන. රටක් දියුනු වෙන්න නිලධාරින් කැපවෙලා ඉන්න ඕන.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14
Video thumbnail
මේ රට උතුරු කොරියාවක් කරන්න හදන්නේ - 22න් නවතින්නේ නෑ
05:38
Video thumbnail
විපක්ෂයේ රෝගවලට අපි ළඟ ප්‍රතිකාර නෑ
07:02
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.."ඇයි හැරෙව්වේ ? - රුපියල් 100ක් දෙන්න"
01:44
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55