කොල්ලුරේගේ කාර්යාලය ගුරුවරුන් වටලයි

කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහා කළද  වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පොලිසිය විසින් එය නතර කරනු ලැබීය.

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ගුරුවරුන් සම්බන්ධයෙන් ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් මෙම ගුරු පිරිස ආණ්ඩුකාර කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කළහ.

කුරුණෑගල ඔරලෝසු කණුව අසල සිට කිලෝ මීටර් භාගයකට වැඩි දුරක් විරෝධතා පා ගමනින් පැමිණි පිරිස පළාත් සභා සංකීර්ණය වෙත ළඟාවූහ.

ප්‍රධාන පිවිසුම් දොරටුව  සියයකට වැඩි පොලිස් බලඇණියක් යොදවා තිබූ අතර  ආණ්ඩුකාරවරයා හමුවීමට උත්සාහ කළ බව ගුරු පිරිස දැන් වූ නමුත්, පොලිසිය ඊට අවසර නොදීම නිසා දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවිය.

පසුව ලංකා ගුරු සේවා සංගමය වයඹ පළාත් ලේකම් එම්. ඒ්. විමලසිරි මහතා රැස්ව සිටි ගුරු පිරිස ඇමතීම සඳහා පළාත් සභා සංකීර්ණයේ පිහිටි තාප්පයක් මතට ගොඩවීමට උත්සාහ කළ අතර පොලිසිය විසින් එය වළක්වනු ලැබීය.

මෙහිදීත් දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර, ගුරුවරුන් විසින් විමලසිරි මහතා ඔසවා අදාල කණුව උඩට නැංවීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?