කොල්ලුරේගේ කාර්යාලය ගුරුවරුන් වටලයි

කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහා කළද  වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පොලිසිය විසින් එය නතර කරනු ලැබීය.

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ගුරුවරුන් සම්බන්ධයෙන් ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් මෙම ගුරු පිරිස ආණ්ඩුකාර කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කළහ.

කුරුණෑගල ඔරලෝසු කණුව අසල සිට කිලෝ මීටර් භාගයකට වැඩි දුරක් විරෝධතා පා ගමනින් පැමිණි පිරිස පළාත් සභා සංකීර්ණය වෙත ළඟාවූහ.

ප්‍රධාන පිවිසුම් දොරටුව  සියයකට වැඩි පොලිස් බලඇණියක් යොදවා තිබූ අතර  ආණ්ඩුකාරවරයා හමුවීමට උත්සාහ කළ බව ගුරු පිරිස දැන් වූ නමුත්, පොලිසිය ඊට අවසර නොදීම නිසා දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවිය.

පසුව ලංකා ගුරු සේවා සංගමය වයඹ පළාත් ලේකම් එම්. ඒ්. විමලසිරි මහතා රැස්ව සිටි ගුරු පිරිස ඇමතීම සඳහා පළාත් සභා සංකීර්ණයේ පිහිටි තාප්පයක් මතට ගොඩවීමට උත්සාහ කළ අතර පොලිසිය විසින් එය වළක්වනු ලැබීය.

මෙහිදීත් දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර, ගුරුවරුන් විසින් විමලසිරි මහතා ඔසවා අදාල කණුව උඩට නැංවීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00