නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ දකුණ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව දන්වා ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1