වැලිමඩ පාසලක ගේට්ටු කඩා ඇතුලු වූ ගජසිංහ ගැන සමාජ මාධ්‍යයෙන් හෙළිදරව්වක්

පාසල් යළි ආරම්භ වූ ඊයේ දිනයේදී ප වැලිමඩ මාලිගාතැන්න පාසල් ගේට්ටුව කඩා බලහත්කාරයෙන් පාසලට ඇතුලු වූ ගුරුවරයෙකු පිළිබදව මාධ්‍ය වාර්තා කොට තිබිණ.

නමුත් එම ගුරුවරුයා කව්රුන්ද යන්න සම්බන්ධයෙන් එහිදී හෙළිදරව් කිරීමක් සිදු කෙරුණේ නැත.

නමුත් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි එම ගුරුවරයා පිළිබදව තොරතුරු රැසක් මෙන්ම ජායාරූප රැසක්ද පළ කොට ඇත.

එහි සදහන් කොට ඇත්තේ මෙම තැනැත්තා ප්‍රදීප් ගජසිංහ බවය.

විනය විරෝධී කටයුත්තකට වැඩ තහනම් වී සිට නැවත වත්මන් පාලනය යටතේ රාජකාරී බාරගෙන ඇති බවක්ද එහි දැක්වේ.

හිටපු එජනිස ඇමතිනී හේමා රත්නායක ගේ සහෝදරයාගේ පුතා බවද කියවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?