AFC Banner
Empty Ad
Empty Ad

මාස 06කට පසු ප්‍රාථමික පාසල් 3000ක් අද අරඹයි

රට පුරා පාසල් 3000ක් මාස 6කට පසු අද විවෘත කෙරෙනවා.

ඒ අනුව ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුන් සඳහා පාසල් විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

කොරෝනා පැතිරීම හේතුවෙන් වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ පාසල් විටින් විට වසා දැමුණු අතර, අවසන් වරට පාසල් වසා දැමුණේ ඉකුත් අප්‍රේල් මස 9 වන දායි.

2020 වසරේ පාසල් පැවැත්වූයේ දින 40ත් 60ත් අතර ගණනකයි.

මේ වසරේ බස්නාහිර පළාතේ ඇතැම් පාසල් පවත්වා ඇත්තේ දින 5ක් පමණයි.

අනෙකුත් ශ්‍රේණි සදහා පාසල් විවෘත කිරීම පසුව සලකා බලන බව අධ්‍යාපන අමත්‍යාංශය සදහන් කළා.මේ අතර, පාසල් විවෘත කළ ද අද සහ හෙට සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරත වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?