මාස 06කට පසු ප්‍රාථමික පාසල් 3000ක් අද අරඹයි

රට පුරා පාසල් 3000ක් මාස 6කට පසු අද විවෘත කෙරෙනවා.

ඒ අනුව ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුන් සඳහා පාසල් විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ.

කොරෝනා පැතිරීම හේතුවෙන් වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ පාසල් විටින් විට වසා දැමුණු අතර, අවසන් වරට පාසල් වසා දැමුණේ ඉකුත් අප්‍රේල් මස 9 වන දායි.

2020 වසරේ පාසල් පැවැත්වූයේ දින 40ත් 60ත් අතර ගණනකයි.

මේ වසරේ බස්නාහිර පළාතේ ඇතැම් පාසල් පවත්වා ඇත්තේ දින 5ක් පමණයි.

අනෙකුත් ශ්‍රේණි සදහා පාසල් විවෘත කිරීම පසුව සලකා බලන බව අධ්‍යාපන අමත්‍යාංශය සදහන් කළා.මේ අතර, පාසල් විවෘත කළ ද අද සහ හෙට සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරත වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57