පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් තවත් නඩුවකින් ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, මැගසින් බන්ධනාගාරයේ රදවා සිටියදී මන්ත්‍රීවරයා සිටි සිරමැදිරියේ තිබී ජංගම දුරකතනයක් ඉකුත්දා බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගැනීමේ සිද්ධියට අදාළවයි. ඔහුට එරෙහිව බන්ධනාගාර ආඥාපනතට බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ නඩු පැවරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.
ඒ අනුව එහි මහේස්ත්‍රාත්වරයා හමුවට මන්ත්‍රීවරයා ඉකුත් 13 වනදා ඉදිරිපත් කෙරුණේ ස්කයිප් තාක්‍ෂණය ඔස්සේයි. එහිදී තමන්ට නගා ඇති චෝදනාවට නිවැරදිකරු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පැවසූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඊට අදාළ නඩුව ලබන 24 වනදා යළි කැදවීමටයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.
කෙසේවෙතත් ඊයේ දිනයේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඇප මත මුදාහැරීම හේතුවෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ පවරා ඇති නඩුවෙන්ද ඔහු ඇප මත නිදහස් කර තිබෙනවා. කෙසේවෙතත් ඉදිරියේදී එම නඩුව සදහා ඔහු බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවේ පෙනී සිටිය යුතු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.














තව ටික දවසක් යන විට මූ සියලු නඩු වලින් නිදහස් වෙලා . නඩු දමපු උන් හිරෙ ඌ හිරේට අරිනවා නියතයි . ඩබල් ගෙමක් ගහලා ආන්ඩුවෙ බලවත් ඇමති වරයකු වන්නත් බෙරි නෙහෙ . එහෙම නැත්නම් පරන ව්යාපාර කිසි කරදරයකින් තොරව කරන් සිංහලයාට පුකෙ අරින්නත් බෙරි නෙහෙ ;