ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට හා නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ආපසු හැරීයාමට සිදු වූ බවට මෙරටට පැමිණි අමෙරිකානු සංචාරකයෙකු වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදා හරිමින් කළ ප්‍රකාශය ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම ප්‍රතික්ෂේප කරනවා.
එහි මෙහෙයුම් අධ්‍යක්ෂ ශෙහාන් සුමනසේකර මහතා පැවසුවේ අදාළ සංචාරකයා පිළිබඳ කළ සී.සී.ටී.වී. විමර්ශනවලින්ද ඔහුගේ ප්‍රකාශය අසත්‍ය බවට පැහැදිලිවන බවයි.
තමන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට සහ නියෝජිත ආයතනය සම්බන්ධ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් පැය 5ක පමණ කාලයකට පසු ආපසු හැරීයාමට සිදු වූ බව පවසමින් මෙරටට පැමිණි අමෙරිකානු සංචාරකයෙකු සමාජ
මාධ්‍යයට වීඩියෝවක් මුදා හැර තිබුණේ පසුගිය 7 වැනිදායි.
අනතුරුව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස බලධාරීන්ට උපදෙස් දෙනු ලැබුවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විමර්ශනයක් සිදුකර ඇති අතර එහි වාර්තාව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා වෙත භාරදී තිබෙනවා.
ජෝර්ජ් නමැති අමෙරිකානු සංචාරකයා මෙරටට පැමිණීමට පෙර ජර්මනියේ ලියාපදිංචි තෙවන පාර්ශ්ව වෙබ් අඩවියකින් මෙරට කුලී රථ සමාගමක කුළී රථයක් වෙන් කරගෙන ඇත්තේ පසුගිය 6 වැනිදාටයි.
නමුත් ගුවන් තොටුපොළ වාර්තා අනුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 7 වැනිදා වන අතර පෙර දිනයේ අදාළ කුලී රථ රියදුරා ඔහු වෙනුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ බලා සිටි බවද වාර්තා වනවා.
අදාළ අමෙරිකානු සංචාරකයා පලකළ අදහස් පහතින්.
අමෙරිකානු සංචාරකයාට පැය 05ක් තුල ලංකාව එපාවූ හේතුව සොයා පරීක්ෂණයක්














Good the hoodwink left.
ඔව් ඔව් අපේ මිනිස්සු වැරදි නෑ කොහේවත් ඉදන් ආපු ජෝජ්ට පිස්සු නිකන්ම බැනලා වීඩියෝ එකක් දාන්න අනේ අම්මෝ සාදාරීකරනය කරනවා බේරෙන්න ලස්සනට ..මන් හිතුවා cctv අව්ලක් කියයි කියලා..ජර්මන් ඉදන් වාහනයක් වෙන්කරානම් ඒකෙ අදාලා ලියකියවිලි වුනත් දින අලුතෙන් ලියලා හදලත් ඇතිනේද?
ow ow suddata thamai weda waradinne..uta weraduna nisa thamai eyatama kiyala playte ekk tiyenne