ජනතාව මත බර නො පටවන්න – ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධයෙන් ඔහු ඊයේ අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මේ මොහොතේ කිසිසේත්ම ඉන්ධන මිල වැඩි කිරීමටකට නොයා යුතු බවයි.

ජනතාව මත බර නොපටවා රජය එය දරා ගැනීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර ඉන්ධන මිල ගණන් යළිත් වැඩි කළහොත් බස් ගාස්තු ද ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමුවහොත් පාඩුව රජය දරාගෙන හෝ බස් ගාස්තුව ඉහළ නොදැමීමේ ක්‍රියාමාර්ගයකට යා යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහනුවර දී ඊයේ ප්‍රකාශ කළා.එමෙන්ම, පොහොර අර්බුදය පිළිබදව ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අවධානයට ලක්ව තිබෙනවා. මීට අමතරව කොරෝනා අර්බුදයත් සමග දැනට වසා දමා ඇති පාසල් ආරම්භ කිරීම පිළිබදව ද එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?