ජනතාව මත බර නො පටවන්න – ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධයෙන් ඔහු ඊයේ අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මේ මොහොතේ කිසිසේත්ම ඉන්ධන මිල වැඩි කිරීමටකට නොයා යුතු බවයි.

ජනතාව මත බර නොපටවා රජය එය දරා ගැනීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර ඉන්ධන මිල ගණන් යළිත් වැඩි කළහොත් බස් ගාස්තු ද ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමුවහොත් පාඩුව රජය දරාගෙන හෝ බස් ගාස්තුව ඉහළ නොදැමීමේ ක්‍රියාමාර්ගයකට යා යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහනුවර දී ඊයේ ප්‍රකාශ කළා.එමෙන්ම, පොහොර අර්බුදය පිළිබදව ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අවධානයට ලක්ව තිබෙනවා. මීට අමතරව කොරෝනා අර්බුදයත් සමග දැනට වසා දමා ඇති පාසල් ආරම්භ කිරීම පිළිබදව ද එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ

  1. ඒ කියන්නෙ ජනපති අනින් තෙල් මිල වැඩි නොවේ හරි ගෑස් මිල පොඩි ගනනක් අඩු කෙරේ වගේ එකක් එයි වගේ ඉස්සරහට, ඔව්ව අපි දන්නව මොකද පොහොට්ටු නාට්ටි අපිට හොදට පුරුදුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12