අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කිරීමත් සමඟ ඊයේ (10) රාත්‍රියේ සිට ගෑස් වල මිල ගණන් වැඩි වීමක් සිදුවුණා.
මේ පිළිබඳව ජනතාවගේ අදහස් විමසීම සඳහා අද කටයුතු කලා.
ඊයේ ගෑස් මිල කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,257කින්ද , කිලෝග්‍රෑම් 5 රුපියල් 503කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක් රුපියල් 231කින්ද ඉහළ නැංවීමට කටයුතු කර තිබුනා.
නමුත් එය අද දිනයේ යළි සංශෝධනය කරමින් කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,675ක් ලෙසයි
එමෙන්ම කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 14කින්ද අඩු කිරීමට එම සමාගම තීරණය කළා.
ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,071ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 506ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේ
කෙසේ වෙතත් මේ පිලිබඳව ජනතාව දැක්වුවේ මෙවන් අදහසක් .














මම කැමති අර දෙවනියට කතා කරපු වීල් එකේ පොරට ඌ තාමත් උම්බෑ කියනවා අන්න ඒ වගේ වුන් නිසා මේ රට තවත් සෝමාලියාවක් කරා අරන් යෑමට බොහොම ලේසි ඌට තියෙන්නේ වහල් කමටත් එහා ගිය ගොං කමක් …ඩොලර් ගැන කතාකරනවා ඌ දන්නවද දන්නෑ ඩොලර් එකක් කියන්නේ කීයද කියලවත් ?