එන්නත නොගත් අයටත් ගුවනින් යන්න අවසර

කොවිඩ්-19 වයිරසය වැළැක්වීම සඳහා එන්නත් ලබා නොගත් මගීන් සඳහා ගුවන් යානාවලට පනවා තිබූ මගීන් රැගෙන යාමේ සීමාව ඉවත් කර තිබේ.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ප්‍රධානියකු සඳහන් කළේ එන්නත් නොගත් මගීන් රැගෙන යන ගුවන් යානා සඳහා පනවා තිබූ, මගීන් 75 සීමාව ඉවත් කරන ලද බවයි. ඒ අනුව ගුවන් සමාගම්වලට එන්නත් කර ඇති සහ එන්නත් නොකළ මගීන් අවශ්‍ය සංඛ්‍යාවක් එක් යානයක රැගෙන යා හැකි බව හෙතෙම සඳහන් කළේය.

එන්නත ලබා ගත් සංචාරකයින්ට සහ එන්නත් ලබා දී ඇති අනෙකුත් මගීන් සඳහා මේ වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම විවෘතව පවතින නමුත් එන්නත් නොකළ මගීන් තවමත් දින 14 ක නිරෝධායනයකට ලක් විය යුතුය.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ මේ වන විට එන්නත් ලබා ඇති සංචාරකයින් සඳහා තීරු බදු සාප්පු සංකීර්ණයද විවෘතව ඇතත්, එන්නත් නොකළ මගීන්ට සාප්පු යෑමට අවසර නැති අතර ඔවුන් වහාම නිරෝධායනය සඳහා යොමු කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?